• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට පුරාම මහ පොළොවෙ නිධානයක් හංගලා අතන මෙතන පිස්සු කෙළින අපේ රටේ මල්ලිලා I Sri Lanka Latest News

December 14, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මොකක්ද ඔයාගේ රස්සාව? මේ ප්‍රශ්න ඔයාගේ ජීවිතේදී කීවතාවක් නම් අහලා තියෙනවද? ඒ රස්සාව ස්ථිර රස්සාවක් නම්, ඒ රස්සාව රජයේ රස්සාවක් නම්, ඒ රස්සාව ලොකු රස්සාවක් නම් ඔබ සතුටු වෙන්න ඕනේ. හැබැයි ඒක ස්ථිර රස්සාවක් නෙවෙයි නම්, ඒක ව්‍යාපාරයක් නම්, එකක් කියලා කියන්න බැරි රස්සාවක් නම්, රස්සාව ගැන හරියට තේරුම් කරලා දෙන්න බැරි තත්ත්වයක් නම්, සමහර වෙලාවට අන්තර්ජාලය හරහා කරන දෙයක් නම්, එහෙමත් නැත්නම් ගොවිතැනක් නම්, සමහර විට ඔබ ගැන ඇතිවෙන පැහැදීම විශාල වෙන එකක් නැහැ. ලියුම්කරුටත් මේ අත්දැකීම තියෙනවා. ‘අයියෝ ඔච්චර ඉගෙනගෙනත් හරියට ස්ථිර රස්සාවක් නෑනේ’ කියලා කියනවා ලියුම්කරුට ඇහිලා තියෙනවා.(Sri Lanka Latest News)

ඒ වගේ උදාහරණක් තියෙනවා ප්‍රධාන බැංකුවක ලොකු රස්සාවක් අතහැරලා දාලා ඉතා වෙනස් ආකාරයේ ඔන්ලයින් බිස්නස් එකක් එක්ක වැඩකටයුතු පටන්ගත්ත තරුණයෙක් ගැන. මේ වගේ දරුවෝ ගැන තරුණයෝ ගැන කතන්දර ඕනෙ තරම් අපේ රටේ තියෙනවා. හැබැයි මේ හැම එකක්ම තවමත් මිනිස්සු සෙනෙහසින් භාරගන්න තැනට පත්වෙලා නෑ. අපි තවමත් හොයන්නේ රජයේ රස්සාවක්. තවමත් හොයන්නේ සුදු කරපටි රැකියා. වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, ගුරුවරු වගේ ඉහළ වෘත්තීන්. ඒ රැකියා ස්ථිරයි, පඩිය හොඳයි, පිළිගැනීම හොඳයි, වරප්‍රසාද හොඳයි. මේ සියල්ලම අපි හිතනවා.

ඒ අතරතුරේ මම ඔබට කිව්වොත් අනේ ඔය ඔක්කොම අල්ලලා දාලා ගොවිතැනට බහින්න කියලා, ඔබ මට කුණුහරුපෙන් බණිනවා නේද? මම දන්නවා ෂුවර් එකටම ඔබ මට බණින්නේ කුණුහරුපෙන්. ඒ වගේම යම් දරුවෙක්ට පවුලක කෙනකුට සහෝදරයකුට, හිතවතෙකුට මෙන්න මේ උපදේශය මම විසින් දුන්න බව ආරංචි වුණොත් ඔයාගේ ගෙදරට හොයාගෙන ඇවිල්ලා ගහලා යනවා, ‘අපේ ළමයි ගොවිතැන් කරන්න, හිතාගෙන ඇති’ කියලා. ඒ වුණාට අපේ රටේ තාමත් තියෙනවා ‘මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි’ කියන වාක්‍යය. ඒක මොකක් නිසා කියනවද, කවුරු කිව්වද කියලා නම් දන්නෙ නෑ. ඉඳහිට එක්කෙනෙක් දෙන්නෙක් ඔය කතාව තාම කියනවා. දේශපාලන වේදිකාවල එහෙම වැඩි වශයෙන් කියනවා. මේක ඇත්තක්ද? මේක ප්‍රායෝගිකයිද?

එක්තරා අලෙවි ප්‍රවර්ධන වැඩකට අපිට යන්න සිද්ධ වුණා අනුරාධපුරේ රොටවැව කියන ප්‍රදේශයට. වැඩි විස්තර අවශ්‍ය නෑ. එහෙ ගිය වෙලාවේ අපි දැක්කා හරිම ස්මාර්ට් තරුණයෙක්. ඔහු ස්මාර්ට් කියලා හැඳින්නුවේ ඔහු ළඟ ස්මාර්ට් ෆෝන් එකක් තිබුණු නිසා හෝ ඔහු ටයිකෝට් අඳින නිසා හෝ නෙවෙයි. මට ඔහුව දැනුණේ දෙමළ චිත්‍රපටයක ඉන්න නළුවෙක්. අවුවට කළු වෙච්ච, ඇඟපත වාත්තු කළා වගේ තියෙන 24 හැවිරිදි ලස්සන කොල්ලෙක්. ඔහුගේ රස්සාව තමයි කුඹුරු සීසාන එක. එහෙම කිව්වාම අර අපි මුලින් කියපු ‘ස්මාර්ට්කම’ බින්දුවටම බැස්සා නේද? ගිය කන්නේ ඔහුගේ ආදායම රුපියල් ලක්ෂ 38ක් කියලා ඔහු කිව්වා. දැන් ආදායම් බදු එකේ මහත්තුරු මට කතාකරන්න එපා, මම ඒ විස්තර දෙන්නේ නෑ. ඒක ඔබේ වැඩක්, මට අදාළ නෑ ඒක.

ලක්ෂ 40කට ආසන්න මුදලක් එක කන්නෙකදී හොයන්න පුළුවන් වුණු මේ තරුණයා තමන්ගේ ගේ හදලා, වැඩ රාජකාරි ටික පිළිවෙළට කරගෙන තවත් ට්‍රැක්ටරයක් ගන්නයි ලෑස්ති වෙන්නේ. සාමාන්‍යයෙන් ට්‍රැක්ටරයක මිල ඔහු කියන විදියට ලක්ෂ 55ක් විතර වෙනවා. මේ ලක්ෂ 55 දීලා ලංකාවේ හොඳ යැයි සම්මත සියලු පහසුකම් සහිත වාහනයක් ගන්න ඔහුට අනිවාර්යයෙන්ම පුළුවන්කම තියෙනවා. හැබැයි එහෙම ගන්නේ නැතුව ඔහු ඊළඟ ට්‍රැක්ටරය ගන්න බලාපොරොත්තු වෙනවා. ඇයි ඒ? ඔහුගේ ආදායම් මාර්ගය ඒක නිසා. ඔහු ස්මාර්ට් කොල්ලෙක් නිසා.

අපි ස්මාර්ට් කියන එක සලකන්නේ යන වාහනේ, පාවිච්චි කරන සුවඳ විලවුන් වර්ගය, ඇඳුම පැලඳුමෙන් වුණාට මේ තරුණයා ස්මාර්ට් වෙන්නේ සිතුවිලිවලින්. මහපොළවත් එක්ක හැප්පිලා මහපොළොවේ ගේම් එක දිනන්න පුළුවන් නම් ඔහු තමයි ඇත්ත වීරයා. මොකද මේ හැම දේම උපදින්නේ මහපොළොවෙන් නිසා. මහපොළොවෙන් ඉපදෙනකොට මහපොළොවත් එක්කම සටන් කරලා, මහපොළොවෙන්ම දිනන්න පුළුවන් නම් ඔහු කවදාවත් පරදින කෙනෙක් වෙන්නේ නෑ.

මේ විදියට මහපොළොවත් එක්ක ගේම් එක ගහලා දිනන තව කොල්ලෝ ලංකාවේ ඉන්නවද? ඔව්, ඕනෙ තරම් ඉන්නවා. එහෙම දිනන කොල්ලන්ගෙන් ගොඩයන්න හදන සෙප්පඩවිජ්ජාකාරයොත් ලංකාවේ ඉන්නවා. මම මේ කතාකරන්නේ ඒ අය ගැන නෙවෙයි. කුඹුරු සීසානවා කියලා විවිධ ව්‍යාපෘති හදලා කවදා හරි දවසක කවුරු හරි ටිකට් එක දෙයි කියලා බලාගෙන ඉන්න එහෙටත් නැති මෙහෙටත් නැති සමහර ඩයල් ඉන්නවා. ඒගොල්ලෝ ගැන අපි කතාකරනවා නෙවෙයි මේ. හැබැයි මහපොළොවත් එක්ක හැප්පිලා හරිහම්බ කරන කොල්ලෝ කෙල්ලෝ ලංකාවේ ඕනෙ තරම් ඉන්නවා.

ගොවිතැන් කරනවා කියන්නේ අමුඩෙ ගහගෙන කුඹුරු කොටනවා, බුලත් විටක් කාගෙන, සරමක් ඇඳගෙන කරන වැඩකුත් නෙවෙයි. ඩෙනිමක් ඇඳගෙන ගොවිතැන් කරන සංස්කෘතියක් හුඟක් රටවල තියෙනවා. තායිලන්තය වගේ රටල ගොවිතැනට විශාල තැනක් දීලා තියෙනවා. විශ්වවිද්‍යාලවල ඉගෙනගන්න සමහර තරුණයෝ ඈත පිටිසර ප්‍රදේශවලින් විශාල ඉඩම් අරගෙන තමන්ගේ ගොවිතැනක් කරගෙන යනවා. ඔවුන් ඒක කරගෙන යන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අතරතුරේදීමයි. හේනක් කියලා කියන්නේ ව්‍යාපෘතියක්, සුන්දර සිහිනයක්. එක පියල්ල දෙපියල වෙලා මල් පූදිනකොට ගෙඩි හටගන්නකොට ඒ සතුට ඔබට දැනිලා ඇති.

මොකද ඔබේ ගෙදරත් මොකක් හෝ කොරටුවක් තියෙනවා ඇති. ඇත්තටම බොහෝ දෙනෙක්ගේ ප්‍රශ්නයක් තමයි ගොවිතැන් කරන්න අපිට අක්කර ගණන්වල ඉඩම් නෑ කියලා. අක්කර ගණන් අවශ්‍ය නෑ ගොවිතැනක් කරන්න. තියෙන එක ඉඩමක් පාවිච්චි කරලා ගොවිතැනක් කරන්න පුළුවන්. එහෙම ගොවිතැන් කරන අය ඉන්නවා. ඒ වගේම එක ලියැද්දක් ඇති වී ටිකක් හිටවලා ගොවිතැන කරගෙන යන්න.

මේවට අවශ්‍ය කරන උපදෙස් ලබාදෙන්න කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් රජයෙන්ම පත්කරලා ඉන්නවා. එහෙම රජයෙන් පත්කරලා ඉන්න අයට අමතරව කෘෂිකර්මය සම්බන්ධව උපදෙස් ලබාගැනීමේ ආයතනත් තියෙනවා. ඒ වගේම ඊට අවශ්‍ය කරන බීජ වර්ග ඇතුළු සියලු දේ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා උපදෙසුත් එක්ක. ඒ නිසා කිසි දවසක ගොවිතැන් කරන එක අමාරු වැඩක් වෙන්නේ නෑ.

මම ඔබට කිව්වොත් මෙහෙම දෙයක්, ‘අපි අපේ රට ඉතියෝපියාවක් කරමු’ කියලා ඔබට ආයෙත් මාත් සමග කේන්ති යන බව ලියුම්කරු දන්නවා. අපේ රටේ ඉතියෝපියාවක් කරන්න පුළුවන් නම් ඒක අපේ හීනයක් වෙන්න ඕනේ. අද වෙනකොට ඉතියෝපියාව කියන්නේ ලෝක දරිද්‍රතා දර්ශකයේ ශීඝ්‍රයෙන් ඉහළට ආපු රටක්. ලංකාවට සාපේක්ෂව ඉතාම දියුණු රටක්. ඉතියෝපියාවට මොකද දන්නවද වුණේ? ඉතියෝපියාව ජල විදුලිය නිෂ්පාදනය කරලා අනෙක් රටවලට අලෙවි කරන්න පටන් ගත්තා. ජල විදුලිය නිෂ්පාදනය කරනවා කියන එක ලංකාවෙත් කරන්න පුළුවන් වුණාට, අපි ඒවා කරන්නේ පුද්ගලිකව සහ ව්‍යාපාරික වුවමනාවන් අනුව විතරයි. එහෙම නැතුව පොදු ජල විදුලි ව්‍යාපෘතියක් ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නෑ.

ඉතියෝපියාව ප්‍රධාන වශයෙන්ම කොන්ද කෙළින් තියාගෙන නැගිට්ට එක තැනක් තමයි ඒ අයගේ තියෙන කෘෂිකර්මාන්තය. කෘෂිකර්මාන්තයේදී අපි ගන්නා වැරැදි තීරණවලට සාපේක්ෂව ඒ අය නිවැරැදි තීරණ ගත්තේ කොහොමද කියන එක දන්නවා නම්, ඔබටත් මටත් පුදුම හිතෙනවා. අපි කෘෂිකර්මය සම්බන්ධයෙන් ගන්නේ මහාපරිමාණ තීරණ. අපි හදන්නේ කුඹුරු ඉඩම් විශාල වශයෙන් අස්වද්දන්න. රටම ස්වයංපෝෂිත කරන්න.

නමුත් ඉතියෝපියාව කළේ මේ වගේ විශාල ව්‍යාපෘතිවලට යන්නේ නැතුව ඒ ඒ ප්‍රදේශවලට අනන්‍ය වෙච්ච ඒ ඒ ප්‍රදේශවල වගාකරන භෝගවලට උපදෙස් ලබාදීම සහ ඒවා ප්‍රවර්ධනය කරන එක. උදාහරණයක් විදියට ගත්තොත් පුත්තලමේ දෙළුම් පැළවෙනවා කියලා දැනගත්තම ඒ අය පුත්තලමේ දෙළුම් හිටවන්න ව්‍යාපෘතියක් දියත් කළා. එහෙම නැතුවත් දෙළුම් සිටවීමේ ව්‍යාපෘතිය කියලා දීපව්‍යාප්තව කරන්න ගියේ නෑ. ලංකාවට සිද්ධ වෙලා තියෙන්නේ යාපනේ මිදි වැවෙනකොට ඒ සම්බන්ධව ව්‍යාපෘතියක් පටන්ගත්තා ඒවා පිටකොටුවෙත් වවන්න. නමුත් ඉතියෝපියාවේ එහෙම කළේ නෑ. ඒ අය කළේ යාපනේ මිදි වැවෙනවා නම්, යාපනේ මිදි වැවීම සම්බන්ධයෙන් ව්‍යාපෘතියක් දියත් කරලා ඒ සඳහා වැඩි වශයෙන් ක්‍රමවේද හදපු එක.

පුද්තලමේ දෙළුම් හැදෙනවා නම්, පුත්තලමට ඒ සඳහා විශාල අවධානයක් ලබාදීපු එක. රාගල ප්‍රදේශයේ පෙයාස් වැවෙනවා නම්, රාගල පෙයාස් වවන්නත්, රාගල පෙයාස් ප්‍රවර්ධනය කරන්නත් වැඩපිළිවෙළක් හදපු එක. බිබිලේ දොඩම් වැවෙනවා නම් දොඩම් ප්‍රවර්ධනය කළා. මේ වගේ විවිධ බවබෝග ඒ ඒ ප්‍රදේශවල අනන්‍ය වෙනකොට ඒ ඒ ප්‍රදේශවල අනන්‍යතා ලක්ෂණ හරියට හඳුනාගෙන ඒවා ව්‍යාපෘති විදියට දියත් කරලා සාර්ථකව කරගෙන ගියා. ඒ සාර්ථක ක්‍රම අදටත් ඉතියෝපියාවේ සංවර්ධනයට බලපාලා තියෙනවා. ලංකාවෙත් කරන්න ඕනෙ ඔන්න ඕක කියලයි අපට හිතෙන්නේ.

තරුණ තරුණියන්ට කෘෂිකර්මය උගන්වලා, පුරාණ ගැමියා තමන්ගේ ජන ජීවිතයට කෘෂිකර්මය බද්ධ කරගත්තේ කොහොමද කියන එක ගැන කියලා දෙන්න ඕනේ. ඒ වගේම වර්තමානය වෙනකොට කෘෂිකර්ම සඳහා හැදිලා තියෙන නව ක්‍රමෝපායන්, ගොවිතැන් ක්‍රම ගැනත් ඔවුන්ට පැහැදිලි කරලා දෙන්න ඕනේ. මේවා කරන්න බැරි දේවල් නෙවෙයි. කුලියාපිටිය විශ්වවිද්‍යාලය ඒ සඳහාම වෙන්කරපු ආයතනයක් විදියට තියෙනවා. ඒ වගේම පේරාදෙණිය ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයකම කෘෂිකර්මයට අදාළව ඉගැන්වීම් සිදුකරනවා. ඊට අමතරව කෘෂිකර්මය ගැන ඉතා ඉහළ දැනුමක් සහිත මහාචාර්ය උජිත් ජයසිංහ වගේ අය ලංකාවේ ඉන්නවා. ඔහුගේ කෘෂි තාක්ෂණික ක්‍රම කැනඩාවෙත් භාවිතයට ගන්නවා. ඒ නිසා රටක් හදන්න නම් කරන්න ඕනේ ක්‍රමවේදයක් හදන එක මිසක් වෙන වෙන දේවල් නෙවෙයි කියලා අපිට ඉතා පැහැදිලියි.

අපි දන්නවා ලංකාවේ බොහෝ වෙලාවට කෘෂිකර්මාන්තය සඳහා තරුණ තරුණියෝ යොමුවෙනවා හරිම අඩුයි. ඒකට පාසල් මට්ටමෙන් හෝ වෙනත් ආයතන මට්ටමෙන් හෝ කටයුතු කරනවාද කියන එක ගැන ගටලුවක් තියෙනවා. ඇත්තටම එහෙම කරනවා නම් තමයි මේ වැඩ කරගෙන යන්න පහසු වන්නේ. අපි ඒ සඳහා නිවැරැදි ක්‍රමවේදයක් නිර්මාණය කරලා දීලා තියෙනවා නම් කවදාවත් ලංකාවට මේ තරම් කනගාටුදායක තත්ත්වයක් උදාවෙන්නේ නෑ. මොකද ලංකාවෙ මහපොළොව කියලා කියන්නේ වියළි දණ්ඩකට වුණත් පණ එන්න පුළුවන් තැනක්. ඒක අපි හැමෝම දන්නවා. වියළි දණ්ඩකට වුණත් පණ දෙන්න පුළුවන් පොළොවක් තියෙන අපේ රට ඇයි අපි ස්වයංපෝෂිත කරගන්නෙ නැත්තේ කියන ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ අපි ගාවම තමයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බිත්තර 60යි! සීනි 300යි! ලූණු 400යි! බේකරි නිෂ්පාදනත් වැඩි කරන තීරණයක! Sri Lanka Latest News

Next Post

එදා නම් කිව්වේ රාජසභාව නෙමෙයි.. කැඩුවෙ නිකම් බිත්ති කියලා! අන්න අද වරද පිළිඅරගෙන! කුරුණෑගල හිටපු නගරාධිපති ඇතුලු පස්දෙනෙක් අවුරුදු 3ක් බරපතළ වැඩ ඇතිව හිරේ! එක්කෝටි තිස්හත්ලක්ෂ පනස්දහසක දඩයකුත් ගහයි! හිටපු නගරාධිපතිවරයා දඩය ඒ මොහොතේම ගෙවයි! I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.