අතපය නොමැති මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
වැල්ලවාය පොලීසියට ලද තොරතුරකට අනුව කළ විමර්ශනයකදී හඳපානාගල ප්‍රදේශයේ තිබී මෙම මළ සිරුර සොයාගෙන ඇත.
මළ සිරුර සොයාගන්නා අවස්ථාව වනවිට සිරුර හඳුනාගත නොහැකි ආකාරයට නරක්වී ඇති බව වාර්තාවෙයි.
කෙසේ වෙතත් අදාළ සිරුර ඇඹිලිපිටිය ප්‍රදේශයේ අයෙකුගේ බවට සැකපළ කරයි.
වැල්ලවාය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.










