ADVERTISEMENT
දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමීමට තීරණය කර ඇති බවත් එහිදී නායිකා චමරි අතපත්තු විශේෂ ඇගයීමකට ලක්කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.Sri Lanka Latest News
එම කණ්ඩායමේ සියලු ක්‍රීඩිකාවන්ට ලැබෙන ආකාරයට එම මුදල් ත්‍යාගය පිරිනමන බවත් ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් කිහිපදෙනෙක් විදේශගතව සිටීම නිසා මුදල් ත්‍යාගයේ වටිනාකම තවම ස්ථිර කර නොමැති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. -ලංකාදීප