යාපනය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවක් Covid – 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් ඇති බවට රෝහලේ වෛද්‍යවරුන් පවසනවා. Sri Lanka Latest News
යාපනය පදිංචි මෙම කාන්තාව පසුගිය සතියේ ප්‍රංශයේ සිට පැමිණ යාපනය අරාලි ප්‍රදේශයේ තාවකාලිකව රැඳී සිටි අයෙක් බවයි කියන්නේ.
ඒ අතර උණ රෝගය වැලඳීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් නේවාසිකව ප්‍රතිකාර ලබා ගෙන තිබෙනවා.
අධික උණ තත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි මෙම කාන්තාව මිය ගොස් ඇති අතර එම කාන්තාවගේ මරණ පරික්ෂණ වාර්ථාවෙන් අනාවරණය වී ඇත්තේ Covid – 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.