උදරාබාධයකට රෝහලෙන් දුන් ඖෂධවලින් රෝගය සුව නොවීම හේතුකොටගෙන ප්‍රදේශයේ දේව බලයෙන් රෝග සුව කරගන්නා ස්ථානයක පිහිට පැතූ වෛද්‍යවරියක මියගොස් ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
යාපනය ප්‍රදේශයේ තෙලිප්පලෙයිහි පදිංචි 38 හැවිරිදි කල්පනා ගෝවින්දසාමි නමැති මෙම ගුරුවරිය මුලින්ම තෙලිප්පලෙයි රෝහලට ගොස් ඇත.
පසුව ඉන් සුව නොවීම හේතුකොටගෙන යාපනයේ ඉලවාලෙයි මුල්ලනෙයි ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයකට ගොස් ඇති අතර එහි දින කිහිපයක් රදවාගෙන ප්‍රතිකාර කිරීමට පියවර ගෙන ඇත.
නමුත් එහිදී යම් රෝගී තත්ත්වයක් උත්සන්න වීම හේතුවෙන් ඇය දේවස්ථානය හරහා තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කළද පසුව ඇය මියගොස් ඇත.
ඉන් අනතුරුව ඉලවාලෙයි ප්‍රදේශයේ වැසියන් දේවස්ථානයේ බාරකරු අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට බල කර තිබුණද පොලිසිය දැනුම් දී ඇත්තේ කාන්තාවගේ මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් වන තෙක් කිසිවක් සිදු කළ නොහැකි බවකි. -ලංකාසර