කාන්තාවන්‌ගේ සනීපාරක්ෂක තුවාවල මිල ගණන් විශාල ලෙස ඉහළ යාමත් සමග මේ වනවිට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලංකාවේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ, ඉන්දියාවේ පෑඩ් මෑන් ලෙස ප්‍රකට අරුණාචලම් මුරුගනාදන් සමගය.
ඒ සම්බන්ධයෙන් දැනට සාකච්ජා වටයක් ආරම්භ කර ඇති බවද වාර්තා වේ.
කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස මහතා ඉකුත් ජනාධිපතිවරණයේදී කාන්තාවන්ට සහ පාසල් දැරියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දෙන බව කියද්දී වත්මන් ආණ්ඩුවේ සිටින පිරිස් ඔහුට ‘පෑඩ් මෑන්’ යනුවෙන් මඩ ගැසීමට කටයුතු කර තිබීම විශේෂ සිදුවීමකි.










