• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර දකුණේ ඡන්ද වේදිකාවේ කරපු කතාවකට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්! ඒ කතාව ඡන්දදායකයන්ට බලපෑම් කිරීමක්! චෝදනා රැසක්! I Sri Lanka Latest News

April 5, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
ආණ්ඩුව පළමු වැරැද්ද කරයි! නඩු තීන්දුවකටත් ඉහළින් ගිහින්! එදා කියපු දේ නෙමෙයි අද කරලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන මැතිවරණයට මසක පමණ කාලයක් තිබියදී ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සිය බලය තහවුරු කර ගැනීම සඳහා දේශපාලන ප්‍රචාරණයේ නිරත වී සිටී.Sri Lanka Latest News

ඒ අතරින් ඉදිරියෙන් ම සිටින්නේ, පාලන බලය සතු ජාතික ජන බලවේගය යි.

එම දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරයට සමගාමීව ජාතික ජන බලවේගය පසුගිය දා දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් ජන රැලි සංවිධානය කර තිබිණි.

එම ජන රැලි රැසක ජනාධිපති අනුර කුමාර දිසානායක ජනතාව ආමන්ත්‍රණය කළ අතර, මාර්තු 31 වන දා වැලිගම පැවති ජන රැලියේදී ජනාධිපතිවරයා පළ කළ අදහසක් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී තිබේ.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව හමුවේ පැමිණිල්ලක් ද ඉදිරිපත් වී ඇත.

ජනපති පැවසුවේ කුමක් ද?

ජනාධිපති අනුර කුමාර දිසානායක වැලිගම රැලියේදී කළ ප්‍රකාශය මෙසේ ය.

“සභාව කැඳවල සාකච්ඡා කරන්න ඕනෙ මොනව ද මේ පළාතෙ ලබන අවුරුද්දෙ කරන්න තියෙන වැඩ. ඒකට නගර සභාවෙ සල්ලි කොච්චර වියදම් කරන්න පුළුවන් ද? ප්‍රාදේශීය සභාවෙන් කොච්චර වියදම් කරන්න පුළුවන් ද? මධ්‍යම ආණ්ඩුවෙන් කොච්චර ඕනෙ ද? ඒක අපිට එවන්න.”

“හැබැයි, යෝජනා එවන්නෙ කවුද කියල බලනව. ඇයි ඒ? මේ ප්‍රාදේශීය සභාව, නගර සභාව තියෙන්නෙ ජාතික ජන බලවේගය අතේ නම් අපට යෝජනා ගැන සැකයක් නෑ. වෙන අයට නම් තියෙන්නෙ, දන්නවා නෙ යාළුවො වැඩ කරන විදිහ. පාරට කොන්ක්‍රීට් දාන්න කියනවා, වැඩියෙන් යන්නෙ ගෙදරට. එහෙම වුණොත් සල්ලි දෙන්නෙ නෑ…. එවන්න නම් වංචා නොකරන නාස්ති නොකරන කණ්ඩායමකට ප්‍රාදේශීය සභාව භාර දෙන්න ඕනෙ. කණ්ඩායම් ගොඩක් නෑනෙ. ඉන්නෙ කවුද ජාතික ජන බලවේගය විතර යි.”

“අන්න ඒ නිසයි ප්‍රාදේශීය සභාව භාර දෙන්න ඕනෙ, යෝජනාව ආව ම වැඩිය කියවන්නෙ නැතුව යෝජනා අනුමත කරන්න තරම් විශ්වාසයක් අපට ඕනෙ.”

“ජාතික වශයෙන් වෙන් කරන මුදල්, එක්රැස් කරන මුදල් නගර සභාවට එවන්නෙ පරිස්සම් කරල ප්‍රාදේශීය සභාවෙ වැඩ ටික කර ගන්න ජාතික ජන බලවේගයේ කට්ටිය තමයි මේ සැරේ ප්‍රාදේශීය සභා පුරවන්න ඕනෙ හොඳේ.”

ජනපතිගේ ප්‍රකාශයට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

ජනාධිපති අනුර කුමාර දිසානායක වැලිගමදී කළ ප්‍රකාශයට එරෙහිව එක්සත් ජනරජ පෙරමුණේ උප සභාපති තීක්ෂණ ගම්මන්පිල ජාතික මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය.

ඔහු පෙන්වා දුන්නේ, බලපෑම්වලින් තොරව ඡන්දදායකයින්ට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසිය යුතු බව ය.

“මේ රටේ ඡන්දදායකයාට ව්‍යංගයෙන් ඔහු දානවා පොඩි සද්දයක්. ඒ තමයි, ‘ඡන්දෙ මාලිමාවට දෙන්න, දීලා පළාත් පාලන ආයතනවලට මාලිමාවෙ අය එවන්න, එහෙම නැත්නම් ඔය ගමේ වැඩ ටික කර ගන්න බෑ කියන කාරණාව මේ රටේ ජනාධිපති මාලිමාවෙ නායකයා වෙච්ච අනුර කුමාර දිසානායක මහතා කියනවා. මට ඔවුන්ගෙන් එක දෙයක් අහන්න තියෙනවා. නිදහසේ ඡන්දය ප්‍රකාශ කරන්න තියෙන අයිතිය මිනිස්සුන්ට තියෙන්න ඕනෙ. ඡන්දයට ඒ වගේ බලපෑම් කරන්න බැහැ. ජනාධිපතිවරයා විදිහට ඒ වගේ බලපෑමක් කරන්න බැහැ. ඒ වගේ බලපෑමක් කරන්න අවස්ථාව තිබුණොත් මේ මැතිවරණ ප්‍රතිඵලය වෙනස් වෙන්නත් පුළුවන්.”

‘ඡන්දදායකින්ට මානසිකව බලපෑම් කිරීමක්’ – ආචාර්ය නිලූකා ප්‍රියදර්ශනී

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඡන්දදායකයින්ට මානසිකව බලපෑම් කිරීමක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිලූකා ප්‍රියදර්ශනී බීබීසී සිංහල සේවයට පැවසීය.

“ඒක නොකිය යුතු දෙයක් විදිහටයි මම දකින්නෙ. දේශපාලන සංස්කෘතිය හොඳ මට්ටමකට ගේනවා නම් ඔය වගේ ප්‍රකාශයක් කොහොමටවත් හොඳ නෑ. මෙතනදි බලපෑමක් වෙනවා නෙ ඡන්දදායකයින්ට. මේ ගොල්ලන්ගෙ කට්ටිය පත් කරල යැව්වෙ නැත්නම් අපේ පළාතට අපේ පළාත සංවර්ධනය වෙන්නෙ නෑ, අපට ප්‍රතිපාදන හම්බ වෙන්නෙ නෑ. එහෙනම් අපි මෙයාලට දෙන්න ඕන කියල හිතෙන්න පුළුවන්. ඒක ඇත්තට ම එක්තරා විදිහක මානසිකව බලපෑම් කිරීමක්. සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතනවලට ප්‍රතිපාදන වෙන් කරද්දි පාලක පක්ෂයේ අයට වාසිසහගත විදිහට තමයි සිද්ධ කරන්නේ. ඒත් ඒ වගේ දෙයක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම සුදුසු නැහැ.”

“ඒක අපි මේවා මේවා කරලා තියෙනවා කියල කියන්න දෙයක් නැතිව තර්ජනාත්මකව ඡන්දය දෙන්න කියලා කියපු අදහස් වෙන්නත් පුළුවන්. ඒ ගොල්ලො ප්‍රතිපත්ති ප්‍රකාශවල ඉදිරිපත් කරපු දේවල් සහ බලයට එන්න පෙර කියපු දේවල් සහ දැන් කරන දේවල් ප්‍රශ්න කරන මට්ටමට ඇවිල්ල නෙ තියෙන්නෙ. ඒ නිසා සාමාන්‍ය ජනතාවගේ මනසට තමයි ඔය බලපෑම් කරන්නේ,” ඇය වැඩිදුරටත් පැවසීය.

‘ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ වරදක් නෑ’ – පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර

මේ සම්බන්ධයෙන් අප ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍රගෙන් විමසීමක් කළ අතර, ඇය පැවසුවේ, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිවෙකුට විරුද්ධ වීමට යමක් නොමැති බව ය.

“ජනාධිපතිතුමා කිව්වෙ ප්‍රාදේශීය සභාවලට හොරු එවන්න එපා කියල නෙ. ඉතින් මං හිතන්නෙ නෑ ඒකෙ ලොකු ප්‍රශ්නයක් තියෙනව කියල. ඒක අපේ ස්ථාවරය නෙ කොහොමටත්, හොරුන්ව එවන්න එපා කියන එක. මං හිතන්නෙ නෑ ඒකෙ විරුද්ධ වෙන්න දෙයක් තියෙනව කියල කාටවත්. හැබැයි මැතිවරණ කොමිසමට බලය තියෙනව ඒකෙන් බලපෑමක් වෙනව ද කියල හොයල බලන්න.”

‘මැතිවරණ කොමිෂන් සභාව මෙවැනි ප්‍රකාශයන් අබියස යම් ආකාරයකට විධායක ජනාධිපතිවරයාට සංඥාවක් නිකුත් කළ යුතු යි’

මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක වැලිගමදී කළ ප්‍රකාශය දේශපාලනික වශයෙන් “ළදරු ප්‍රකාශයක්” බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසයි.

බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, පාලක පක්ෂයේ ජනප්‍රියත්වය අඩුවීම හේතුවෙන් මෙවැනි ප්‍රකාශයක් කරන්නට ඇති බව ය.

“වැලිගම ප්‍රකාශයත් සමග සැක සංකා කිහිපයක් පහළ වෙනවා මේ මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව. එකක් තමයි, ඕනෑ ම අවස්ථාවක පාලක පක්ෂය කෙරෙහි එල්ල වන පීඩනය සහ ජනප්‍රියත්වය අඩුවීම යම් ආකාරයකට ඉතාමත් ම ස්වභාවික යි. විපක්ෂයේ සිටියදී රැස් කළ කීර්තිය පාලක පක්ෂයට පැමිණි විට ලබා ගැනීම අපහසු යි. එය නැවත ළඟා කර ගැනීම සඳහා ඔවුන්ට යම් සුවිශේෂී බලයක් යොදවන්නට සිද්ධ වෙනව. ඒ නිසා තමයි, සමහර විට විධායක ජනාධිපතිවරයා එම ප්‍රකාශයට පෙළඹුණේ.”

“වැලිගම ප්‍රකාශය මගින් ඉඟි කරන ක්‍රියාව ගැන නිරීක්ෂකයන් ලෙස පසුගිය කාලය පුරාවට ම අත්දුටු තත්ත්වයක් තමයි පාලක පක්ෂය අනෙකුත් පක්ෂවලට අදාළ අරමුදල් ලබා දුන්නෙ නෑ. බොහෝ වෙලවට සභාපතිවරයාගේ පක්ෂයේ සාමාජිකයින් අතර විතරයි මුදල් බෙදාහැරියේ. මේ ප්‍රකාශය හරහා ඒ තත්ත්වය වෙනත් ආකාරයකින් ප්‍රතිරාවය කරනවා. ජනතාවට යම් මතයක් ඇති වෙන්න පුළුවන්, ජනාධිපතිවරයා නියෝජනය කරන පාලක පක්ෂයට ලැබී ඇති දැවැන්ත බලය තුළ වෙනත් පක්ෂයකට ඡන්දය දීමෙන් අවැඩක් වෙයි, අරමුදල් බෙදා හරින යාන්ත්‍රණය ඇත්තේ ජාතික ජන බලවේගය සතුව බව. එය මුසාවක්. ශ්‍රී ලංකාව බලය බෙදා හරින ලද රටක්. ඒ අනුව, හැම විට ම තීරණ ක්‍රියාවට නැගිය යුත්තේ, පොදු සම්මතය තුළ පිහිටා. නමුත් ශ්‍රී ලංකාවේ අවාසනාවට සිද්ධ වෙන කාරණය තමයි, පළාත් පාලන ආයතනවල මුදල් පවා බෙදා හැරීමට නෛතික ක්‍රියාවලියක් නෑ. මෙන්න මේ සිදුර තමයි, ජනාධිපතිවරයා පාවිච්චි කරන්නේ.”

“නමුත් මෙම ප්‍රකාශය අප දකින්නේ ඉතා ම ළදරු ප්‍රකාශයක් ලෙස. ඔහු මෑත කාලීනව ඉතාමත් පරිණත ආකාරයෙන් අදහස් ප්‍රකාශ කිරීම සිදුකළා. නමුත්, මේ අවස්ථාවේ ඇත්තට ම ඔහු සතුව තිබූ පරිණතභාවය සහ දේශපාලකයෙක් සහජයෙන් ම වර්ධනය කර ගත යුතු ඉවසීම මේ ප්‍රකාශය තුළින් පැහැදිව ම ගිලිහිලා තියෙනව.”

ජනාධිපතිවරයා දේශපාලන වේදිකාවක් මත සිය පක්ෂය දිනවීම සඳහා කතා කිරීම වැරදි ක්‍රියාවක් නොවන බව මංජුල ගජනායක ප්‍රකාශ කළේ ය.

එහෙත්, ඡන්දදායකයින්ට මානසික බලපෑමක් ඇති වන පරිදි ප්‍රකාශ කිරීම අනුමත කළ නොහැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.

“මීට වඩා ජරාජීර්ණ දේශපාලනයක් රටේ ක්‍රියාත්මක වුණා. ඒත් මේ දේවල් ගැන පවා කතා කරන්න මිනිස්සු පෙළඹිලා තියෙන්නේ, පැවති ක්‍රමය ම ක්‍රියාත්මක වෙනවා නම් මොවුන් සපථ කරන ලද සිස්ටම් චේන්ජ් එකේ අපිළිවෙළ නැවත නැවතත් සනාථ වෙනව.”

මේ අතර, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පෞරුෂයකින් යුතුව අදහස් දැක්වීමක් කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පැවසීය.

“මම හිතනවා මැතිවරණ කොමිෂන් සභාව මෙවැනි ප්‍රකාශයන් අබියස යම් ආකාරයකට විධායක ජනාධිපතිවරයාට සංඥාවක් නිකුත් කළ යුතු යි, එය පූර්ව මැතිවරණ ප්‍රචාරක සමයේ සෞඛ්‍ය සම්පන්නභාවයට යම් ආකාරයකට බලපෑමක් කරන්නේ ය යන අදහස ජනගත කළ යුතු යි මැතිවරණ කොමිෂන් සභාව. විධායක ජනාධිපතිවරයා අබියස මැතිවරණ කොමිෂන් සභාව එවන් ප්‍රකාශයක් කිරීමට තරම් පෞරුෂයකින් කටයුතු කරාවි යැයි මැතිවරණ නිරීක්ෂකයන් ලෙස අප බලාපොරොත්තු වෙනවා.”

මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රතිචාරය

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි පියවර ගන්නේ ද යන්න පිළිබඳව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායකගෙන් කළ විමසීමකදී ඔහු පළ කළේ මෙවන් අදහසකි.

“කොහොමත් දැන් දේශපාලන රැස්වීමකදී බලයෙ ඉන්න පක්ෂය කියන්නෙ ඉතින් ඡන්දෙ දෙන්න කියන එක නෙ. විරුද්ධ පක්ෂය ඉල්ලන්නෙත් ඒක ම නෙ. පක්ෂ රැස්වීමක් නම් අපට කියන්න දෙයක් නෑනෙ. මං බලන්නම් ඔය කියන පැමිණිල්ල මොකක් ද කියල.” ඔහු කියා සිටියේය.

BBC සිංහල

SendShareShare
Previous Post

දොස්තරවරියක් රෝහල් පරිශ්‍රයේදී දූෂණය කරලා මාසයක් ගියේ නෑ! ඒ පාර වෛද්‍යවරයෙක් තරුණියකට රෝහල ඇතුළේදීම ලිංගික හිංසනයක් කරලා!  I Sri Lanka Latest News

Next Post

රේගුවෙයි RMV එකෙයි කීපදෙනෙක් අල්ලගෙන ගහපු තවත් මහාපරිමාණ ගේමක් මාට්ටු! සුපිරි වාහන 12ක් අල්ලස් කොමිසමෙන් අල්ලයි! බලමු දැන් මේවට සම්බන්ධ ලොක්කො ටිකත් අල්ලයිද කියලා!  I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.