රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලට අදාළව තවත් වාහන 12ක් කොමිෂන් භාරයට ගෙන තිබේ.Sri Lanka Latest News
මෙම වාහන රේගුවේ නිශ්කාෂනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරමින් දූෂණ අක්‍රමිකතා සිදු කිරීම සම්බන්ධව චෝදනා යටතේ අල්ලස් කොමිසම භාරයට ගෙන ඇත.
ඒ අනුව ජීප් රථයක්, මිට්ෂුබිසී මොන්ටේරෝ ජීප් 06ක්, ටොයොටා ජීප් රථ 03, ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ ජීප් රථ 01, නිශාන් ඩබල් කැබ් රථයක් කොමිෂන් භාරයට ගෙන තිබේ.
මෙම දූෂණ අක්‍රමිකතාවයන් සිදු වූ ආකාරය සහ එයින් රජයට ඇති වූ අලාභය පිළිබඳව විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රමවේද මගින් මේ වන විට කොමිෂන් සභාව විසින් පරීක්ෂණ මෙහෙයවමින් පවතින බවද එම කොමිසම පවසයි.
එමෙන්ම මීට පෙරද රජයට රුපියල් 597,189,323ක අලාභයක් සිදු කරමින් අනීතිකව ලියාපදිංචි කළ වාහන 15ක් ද කොමිෂන් සභාව භාරයට ගෙන ඉදිරි පරීක්ෂණ සඳහා රේගුව වෙත භාර දී ඇති බවත් අල්ලස් කොමිසම සිය නිවේදනයේ සඳහන් කර තිබේ.










