• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමෙරිකාවෙන් ලංකාවට ලොකු තෑග්ගක්! TH-57 Sea Ranger වර්ගයේ හෙලිකොප්ටර් යානා 10ක් දෙනවා! මාර්තු 15 ඇලබාමා වරායෙන් පිටත් වෙලා! මැයි 24 ලංකාවට එනවා! බාර දෙන්න ට්‍රම්ප්ගේ දකුණු අත ‘සර්ජියෝ ගෝර්’ ලංකාවට එනවා! රාජ්‍ය රහස් කලින්ම මේ ගැන කිව්වා! VIDEO I Sri Lanka Latest News

March 18, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
අමෙරිකාවෙන් ලංකාවට ලොකු තෑග්ගක්! TH-57 Sea Ranger වර්ගයේ හෙලිකොප්ටර් යානා 10ක් දෙනවා! මාර්තු 15 ඇලබාමා වරායෙන් පිටත් වෙලා! මැයි 24 ලංකාවට එනවා! බාර දෙන්න ට්‍රම්ප්ගේ දකුණු අත ‘සර්ජියෝ ගෝර්’ ලංකාවට එනවා! රාජ්‍ය රහස් කලින්ම මේ ගැන කිව්වා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අමෙරිකානු පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට හිමිවූ TH-57 Sea Ranger වර්ගයේ හෙලිකොප්ටර් යානා 10 මේ වනවිට ශ්‍රී ලංකාව වෙත පිටත්කර එවා තිබේ.Sri Lanka Latest News

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇත.

අමෙරිකාව විසින් පරිත්‍යාග කරන ලද මෙම හෙලිකොප්ටර් යානා 10 මාර්තු 15 වන දා අමෙරිකාවේ ඇලබාමා හි Port Mobile සිට මෙරට බලා පිටත්ව තිබේ.

එය මේ වසරේ මැයි 24 වන දින මෙරටට ළඟා වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Bell 206B-3 Jet Ranger යානා මිලිටරි ප්‍රභේදයක් වන මෙම මෙහෙයුම් ගුවන් යානා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදීමට නියමිතය.

Bell 206 මාදිලි සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මෙම හෙලිකොප්ටර් යානා එක් කරගැනීමෙන් උසස් නියමු පුහුණුව, ආපදා ප්‍රතිචාර දැක්වීම සහ සෙවීම සහ ගලවා ගැනීම ඇතුළු තීරණාත්මක පොදු කාර්ය මෙහෙයුම් ධාරිතාවය ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.  

මෙම යානා සැලකිය යුතු ලෙස වැඩි දියුණු කර ඇති බවත් මෙම පරිත්‍යාගය එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය මෙන්ම කලාපීය ආරක්ෂාව සහ මානුෂීය ආධාර සඳහා වන කැපවීම ශක්තිමත් කරන බවද මහින්ද සමරසිංහ මහතා සිය නිවේදනයේ සඳහන් කර ඇත.

මෙම හෙලිකොප්ටර් යානා නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දූත පිරිසක් ජනවාරි මාසයේ දී අමෙරිකාවේ සංචාරයක නිරත වී තිබේ.

මෙම වටිනා පරිත්‍යාගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අමෙරිකාවට සිය හෘදයාංගම කෘතඥතාවය පල කරන බවද මහින්ද සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

පසුගිය සතියේ රාජ්‍ය රහස් කළ හෙළිදරව්ව!

ගෝර් මැයි එනවා

කෙසේ වෙතත් මීට මාස කීපයකට ඉහත සිටම අප මෙම තීරයෙන් වාර්තා කර සිටි විශේෂ තොරතුරක් වූයේ ජනාධිපතිවරයා සහ ඇමෙරිකාව අතර ඉතා විශේෂ සබඳතාවක් ගොඩනැගෙමින් පවතිනවා යැයි කියාය. විශේෂයෙන්ම ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වීම සඳහා පසුගිය සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකාවට ගිය අවස්ථාවේදී එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දකුණු හා මධ්‍යම ආසියානු කලාපය භාර විශේෂ නියෝජිතයා මෙන්ම ඉන්දියාවේ ඇමෙරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කරන සර්ජියෝ ගෝර් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ ආකාරයත්, ඉන් පසු අවස්ථාවකදීද ජනාධිපතිවරයා සහ ගෝර් අතර දුරකතන සාකච්ඡා සිදුව තිබූ ආකාරයත් අපි මෙම තීරයෙන් වාර්තා කළෙමු. එමෙන්ම ජනාධිපතිවරයා නවදිල්ලියේ පැවැති කෘත්‍රිම බුද්ධිය සමුළුව අතරතුරදීද මේ කියන සර්ජියෝ ගෝර් හමුවී සාකච්ඡා පැවැත්වූ බවත්, එහිදී ගෝර් ලංකාවේ සංචාරය කිරීමට සූදානමින් සිටින බව ජනාධිපතිවරයාට දැනුම් දුන් බවත් අප මෙම තීරයෙන් වාර්තා කර සිටියෙමු. ඒ අනුව මේ වනවිට අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ගෝර් ලබන මැයි මාසයේදී ලංකාවට පැමිණීමට තීන්දු කොට ඇතැයි කියාය. ඒ නිකන්ම නොව දැවැන්ත ඇමෙරිකානු නෞකාවක් සහ හෙලිකොප්ටර් යානා 10ක් ලංකාවට පරිත්‍යාග කිරීමේ අරමුණෙන් යුතුවය. මෙම නෞකා සහ හෙලිකොප්ටර් ලංකාවට ලබාදීමට යෝජනා වී තිබුණේ ඇමෙරිකාව සහ ලංකාව අතර ඇතිකොට ගෙන තිබූ ආරක්ෂක එකඟතාවකට අනුවය. ඒ අනුව මුල් අදියරේදී ඇමෙරිකාව වෙරළාරක්ෂක යාත්‍රා 4ක් ලංකාවට ලබාදීම සඳහා ඉකුත් ජනවාරි මාසයේ ඇමෙරිකාව සමග ගිවිසුමකට එළඹිණි. ඉන් නෞකා 3ක් මේ වනවිට ලංකාවට ලබාදීමට ඇමෙරිකාව පියවර ගෙන තිබිණි. ඒ අනුව සර්ජියෝ ගෝර් මැයි මාසයේ ලංකාවට පැමිණෙන්නේ මෙම ඉතිරි නෞකාව සහ හෙලිකොප්ටර් යානා 10 ලංකාවට ලබාදීමටය. එම නෞකාව සහ හෙලිකොප්ටර් භාරගැනීම වෙනුවෙන් ත්‍රිකුණාමල වරායේ දැවැන්ත උත්සවයක් සංවිධාන කිරීමටද ආණ්ඩුව සැලසුම් කර ඇති බවක් ආරංචිය. ඒ අනුව ඉදිරියේදී මෙම යාත්‍රාව සහ හෙලිකොප්ටර් සියල්ල ජාත්‍යන්තර මුහුදේ සිදුකරන මත්ද්‍රව්‍ය වැටලීම්, මිනිස් ජාවාරම මැඬලීම සහ සුපරීක්ෂණ කටයුතු වෙනුවෙන් යොදාගැනීමට නියමිතය.

ඒ අනුව දැනටමත් මෙම නෞකාව සහ හෙලිකොප්ටර් යානා 10 රැගත් විශේෂ නෞකාව ලංකාවට ඒමට ඇමෙරිකාවෙන් පිටත්ව ඇති අතර, ගුවන් හමුදාවට භාරදීමට නියමිත එම හෙලිකොප්ටර් යානා 10න් කොටසක් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරටත්, ත්‍රිකුණාමල චයිනා බේහි පිහිටි ගුවන් හමුදා කඳවුරටත් ලබාදීමට නියමිතය. ගෝර් ලංකාවට පැමිණෙන්නේ අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත මෙම උත්සවයට සහභාගි වීම සඳහාය.

SendShareShare
Previous Post

කමේනිටයි ට්‍රම්ප්ටයි සුපිරි බුලට් දෙකක් අහිමි වෙයි! එක්කෙනක් මැරුවා! අනෙක් කෙනා අයින් වුණා! I Sri Lanka Latest News

Next Post

QR කෝඩ් එකේ ප්‍රශ්න ගොඩක්! ආණ්ඩුවට උත්තරත් නෑ! මේ දෙන ලීටර් ප්‍රමාණය වාහනවලට කොහෙත්ම මදි! මිනිස්සුන්ට තියෙන QR ප්‍රශ්න ඔක්කොම විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.