ජාතික ජන බලවේගය නියෝජනය කරන නීතීඥයකු වන උපුල් කුමරප්පෙරුම මහතා විසින් ‘ජනාධිපති නීතීඥ’ තනතුර ලබා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ විශාල ආන්දෝලනයක් නිර්මාණය වී ඇති ආකාරයක් දැකගන්නට තිබේ.Sri Lanka Latest News
ඒ, ජාතික ජන බලවේගයට හිතවත් යූටියුබ් නාළිකා මෙහෙයවන පුද්ගලයන් විසින් මෙන්ම මධ්‍යස්ථ යැයි සැලකෙන යූටියබ් නාළිකා මෙහෙයවන්නන් විසින්ද මෙම ආන්දෝලනය සම්බන්ධයෙන් යම් යම් අදහස් ප්‍රසිද්ධියේම දැක්වීමට පියවර ගෙන තිබීම හේතුවෙනි.
කෙසේවෙතත් උපුල් කුමරප්පෙරුම මහතා ‘ජනාධිපති නීතීඥ’ තනතුර සදහා සුදුස්සකු බවද පෙන්වා දෙන මෙම යූටියුබ් නාළිකා මෙහෙයවන පුද්ගලයන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කරමින් ඔහුගෙන් ජනාධිපති නීතීඥ තනතුර බාරගැනීම පිළිබදව යම් ගැටලුවක් පවතින බවද සදහන් කොට ඇත.
පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දිනෙක ජනාධිපති නීතීඥවරුන් 10 දෙනකු පත් කිරීමට පියවර ගත් අතර නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතාද ඒ අතර සිටියේය.
නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සමග ඉතා සමීපව කටයුතු කරන අයෙකු ලෙස ප්‍රකටය.










