අම්පාර අරුගම්බේ සංචාරක කලාපයේ උඩුකය නිරුවතින් ගමන් ගත් විදේශිය කාන්තාවක් පොතුවිල් පොලිස් ස්ථානයේ කාන්තා කාර්යංශයේ නිළධාරිනියන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri Lanka Latest News
ඊයේ (14) දහවල් 12.30ට පමණ එක් හෝටලයක සිට තවත් හෝටලයක පිවිසුම දක්වායි මෙලෙස උඩුකය නිරුවතින් ගමන් කර ඇත්තේ.
මෙම කාන්තාව තායිලන්ත කාන්තාවක් වන බවයි පොතුවිල් පොලිසිය සඳහන් කර ඇත්තේ.
පසුව පොතුවිල් පොලිසියේ කාන්තා නිලධාරිනියන් සහ පොලිස් නිළධාරින් පිරිසක් ගොස් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන පොතුවිල් පොලිස් ස්ථානයට ගෙනැවිත් තිබෙනවා.
මෙම කාන්තාව අද (15) පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
මෙම කාන්තාව අමෙරිකානු ජාතිකයෙකු සමග මෙරටට පැමිණ ඇති අතර, මෙම මස 11 වැනිදා සිට 20 වැනිදා දක්වා අරුගම්බේ සංචාරක කලාපයේ සංචාරක හෝටගයක කාමර වෙන් කරගෙන ඇති බව සඳහන්.










