එන්නතක් ලබාදීමෙන් පසු රෝගාතුර වූ බව කියන මාස හතරක් වයසැති දැරියක් පෙරේදා (16) මියගොස් ඇතැයි කුලියාපිටිය මූලස්ථාන පොලිසිය පවසයි.Sri Lanka Latest News
මෙසේ මියගොස් ඇත්තේ කුලියාපිටිය පොලිස් වසමට අයත් ඉහළ ඉහල ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව් ඒ එස් නිම්නාදි දිසානායක නමැති දැරියකි.
කටින් සෙම වැගිරීම හා හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවෙන් මෙම දැරිය කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මෙම දැරියට පසුගිය 15 වන දින හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් මාස හතරෙන් ලබා දෙනු ලබන එන්නතක් ලබාදී ඇති අතර පසු දින මෙම අසනීප තත්ත්වය ඇති වූ බව දැරියගේ පියා පවසන්නේ යැයි පොලීසිය පවසයි.
මෙම දැරියගේ මරණය සම්බන්ධයෙන් කුලියාපිටිය මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි. -ලංකාදීප










