කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (13) පස්වරු 5.00 සිට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. (Sri Lanka Latest News)
ඒ අනුව හෙට (13) පස්වරු 5.00 සිට අනිද්දා (14) පෙරවරු 9.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ අඹතලේ ජල සැපයුමේ සිදුකරන අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි.
gossiplankanews










