පසුගිය ඔක්තෝබර් මාසය දක්වා බිල්පත් නොගෙවූ පාරිභෝගිකයන් 95,000කට අධික සංඛ්‍යාවකගේ ජල සැපයුම් විසන්ධි කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.Sri Lanka Latest News
ඒ අනුව ඔක්තෝබර් මස 31 දිනට විසන්ධි කර තිබෙන ජල සැපයුම් ගණන 95241කි. විසන්ධි කළ ජල සැපයුම් නැවත ලබාදුන් සංඛ්‍යාව පිළිබඳව මණ්ඩලයේ බිල් කිරීම් සම්බන්ධ පරිගණක පද්ධතිය තුළ තොරතුරු නොමැති බව මණ්ඩලය කියයි.
ජල සැපයුම් නැවත ලබාදීමේදී අය කළ ගාස්තු, 2022 වසරේදී ජල සැපයුම් විසන්ධි කළ සංඛ්‍යාව, 2023 වසරේදී බිල්පත් ගෙවීම් පැහැර හරින ලද පාරිභෝගිකයන්ට නිකුත් කළ රතු නිවේදන පිළිබඳව තොරතුරුද මණ්ඩලයේ බිල් ගෙවීම් පිළිබඳ පරිගණක පද්ධතිය තුළ නොමැති බවද මණ්ඩලය පවසයි.
කෙසේ වෙතත් රුපියල් බිලියන 12.97ක් හිඟ වශයෙන් අය කර ගැනීමට තිබෙන බවත් රටපුරා ජල පාරිභෝගිකයන් 3000240ක් සඳහා දෛනිකව මණ්ඩලය පිරිසිදු ජලය සපයයි.









