පාර්ලිමේන්තුව පිළිබදව පවතින මහජන විශ්වාසය, මේ වන විට අන් කවරදාටත් වඩා වැඩියෙන් පිරිහී ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.Sri Lanka Latest News
මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයයි.
සමීක්ෂණයට අනුව, පාර්ලිමේන්තුව පිළිබදව ඇති මහජන විශ්වාසය මේ වන විට 22% දක්වා පහත වැටී තිබේ. 2011 වසරේ දී එය 63% ක මට්ටමක පැවතී තිබේ.
මෙම සමීක්ෂණය සදහා සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි තෝරා ගන්නා ලද පුද්ගලයන් 1350 දෙනෙකු සහභාගී කරවාගෙන ඇත.
මෙම සමීක්ෂණයට අනුව, මෙරට සෑම පුරවැසියන් දහදෙනෙකුටම එක් අයෙක් – ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රතිපක්ෂ – අධිකාරීවාදී පාලනයක් පිළිබදව විශ්වාස කරයි.
දේශපාලන පක්ෂ කෙරෙහි ඇති මහජන විශ්වාසයද මේ වන විට ඉතාමත්ම පහත් මට්ටමක පවතින බව මෙම සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.
2011 වසරේ දී 56% ක් දේශපාලන පක්ෂ කෙරෙහි විශ්වාසය තබා ඇති නමුත්, මේ වන විට එය 19% දක්වා පහත වැටී තිබේ.
කෙසේ වෙතත්, අධිකරණය කෙරෙහි පවතින ජනතා විශ්වාසය ඉහළ ගොස් ඇති බව සමීක්ෂණයෙන් හෙලි වී තිබේ.










