යාපනයේ අච්චුවේලී පුතූර් කලෙයිකූරා ප්‍රදේශයේ නිවාස දෙකකට හා තරුණයින් දෙදෙනෙකුටද පොලිස් නිලධාරියෙකුටද පහර දී තුවාල සිදුකොට නිවෙස්වල භාණ්ඩ විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ 58 දෙනෙකු 5 දා වන විට අච්චුවේලී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
ජූනි මස 29 වෙනිදා ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම 34 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඉතිරි පිරිස අත් අඩංගුවට ගෙන තිබේ.
තරුණයින්ගේ නිවාසවලට අලාභ හානි කළ මේ පිරිස ඔවුන්ට අයත් යතුරු පදියක්ද ගිනිතබා තබා තිබුණි.
සිද්ධිය යථා තත්ත්වයට පත් කිරීමට ගිය අච්චුවේලී ගම්මානයේ පදිංචිව සිටින පොලිස් නිලධාරියෙකුටද ප්‍රහාරයට පැමිණි කාන්තාවන් විසින් පහර දී තිබේ.
මෙම ගැටුම නිරාකරණය කිරීමට පසුව ගිය අච්චුවේලී පොලීසියේ නිලධාරීන්ටද ගම්වාසීන් පහර දීමට උත්සහ කළ අවස්ථාවේදී පොලිසිය අහසට වෙඩි තබා සිද්ධිය පාලනය කොට තිබුණි.
පහර කෑමට ලක් වු තරුණයින් දෙදෙනා හා පොලිස් නිලධාරියා ප්‍රතිකාර සදහා යාපනය අච්චුවේලී රෝහලට ඇතුළත් වී ඇත.
පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 58 දෙනා මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව ජූලි මස 12 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහෙස්ස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 39 දෙනෙකු සිටින අතර අච්චුවේලී පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු තව දුරටත් පවත්වා ගෙන යයි.
lankasara










