• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසියට අලුතෙන් 5000ක්! විපක්ෂනායක අහපු ප්‍රශ්නයට ඇමැති ටිරාන් උත්තර දෙයි! I Sri Lanka Latest News

December 14, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
සාමාන්‍ය ජීවිතයට හානියක් වන කිසිවකට ඉඩ තියන්නේ නෑ!පාතාල මර්දනයත් පටන් අරන් තියෙන්නේ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

“අපරාධ මැඩලන්න එළඹෙන වසරේ දී පන්දහසක් අලුතින් පොලිසියට බදවාගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සදහන් කළේය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 යටතේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අධිවේගී මාර්ග පිවිසුම්වල රාජකාරී සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සේවයේ යොදවා නොමැති අතර, අධිවේගී මාර්ග පද්ධතියේ ගිනි නිවීම් සහ ජීවිත ගලවා ගැනීමේ රාජකාරී කටයුතු විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරනු ලබයි. එම සියළුම භටයන් අධිවේගී මාර්ගවල රාජකාරිවලින් ඉවත් කිරීම සඳහා පියවර ගෙන ඇති අතර ඊට හේතුව වන්නේ විශේෂ කාර්ය බළකාය අධිවේගී මාර්ගයේ සිදු කරන රාජකාරි වන්නේ රිය අනතුරක් සිදුවූ අවස්ථාවක ක්‍රියාත්මක වීම සහ ගින්නක් ඇති වූ විට ඒ පිළිබඳ කටයුතු කිරීමයි. නමුත් පසුගිය මාස එකොළහක කාලය තුළ එලෙස සේවයේ යොදවා ගැනීම් සිදුකර ඇත්තේ අවස්ථා 164කදී පමණයි. එම ස්ථානවල සේවයේ යොදවා ඇති විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 175දෙනෙකු සඳහා වසරකට රුපියල් මිලියන 260 ක පමණ වියදමක් දරණු ලබනවා. හදිසි අනතුරකදී ක්‍රියාත්මක වීම හැර ඔවුන්ට විශේෂ රාජකාරියක් පැවරෙන්නේ නැහැ. මේ වනවිට පවතින මත්කුඩු මාෆියාව මර්ධනය සඳහා විශේෂ කාර්ය බළකාය අපට අවශ්‍යයි. ඒ සඳහා දැනටමත් කාර්මණ්ඩල සාමාජිකයින් 2300 පමණ හිඟයක් පවතිනවා. ඒ පිළිබඳව ද සලකා බලමින් මෙම සාමාජිකයින් 175 මෙලෙස ඉවත් කර ගැනීමට පියවර ගනු ලබනවා. කෙසේ නමුත් පොලිසියේ රාජකාරි ඒ ආකාරයෙන්ම කිසිදු වෙනසකින් තොරව සිදුකරනු ලබනවා. ලෝකයේ ඕනෑම රටක ගිනි නිවීම් සහ ගලවා ගැනීම් කටයුතු සිදු කරනු ලබන්නේ ගිනි නිවන හමුදාව වැනි අංශ මගින්. අපේ රටේ විශේෂ කාර්ය බළකාය පිහිටවනු ලැබුවේ එවැනි කටයුතු සඳහා නොවේ.

2011 වසරේදී ගිනි නිවීම් හමුදාව මගින් මෙම කටයුතු සිදු කිරීම සඳහා මිල ඉදිරිපත් කිරීමක් සිදුකර තිබුණා. එම මිල ගණන් අධික බැවින් කෙටි කාලයකට පමණක් විශේෂ කාර්ය බළකාය එම සේවයට යොදවා ගත්තත් මේ වනතුරුත් එය සිදුකෙරෙමින් පවතිනවා. මේ වන විටත් මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ අදාල රාජකාරි සිදු කරනු ලබන්නේ ගිනි නිවීම් හමුදාව මගින්. ඒ ආකාරයටම අනෙකුත් අධිවේගී මාර්ගවලත් කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් මේ තීරණය ගනු ලැබ තිබෙනවා.අමාත්‍යංශය සමඟ ද සාකච්ඡා කර, යම්කිසි කාලසීමාවක් ලබාදීමෙන් අනතුරුව විශේෂ කාර්ය බලකාය ඉවත් කර ගැනීම සඳහා නිශ්චිත දිනයක් තීරණය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

අධිවේගී මාර්ගයේ සිදුවිය හැකි අපරාධමය ක්‍රියාවන් පාලනය කිරීම සඳහා සහ මගීන්ගේ ආරක්ෂාව සඳහා අධිවේගී මාර්ග කොට්ඨාශය මගින් පෙර පරිදිම සිදු කරනු ඇත.

ශ්‍රී ලංකා පොලිසියේ දැනට සාමාන්‍ය සේවයේ පුරප්පාඩු 21422ක්, විශේෂ කාර්ය බලකායේ පුරප්පාඩු 2345ක්, ඇති අතර නිලධාරි හිඟයක් පවතින්නේ ශ්‍රී ලංකා පොලිසියට නිසි පරිදි නිලධාරීන් ස්ථානගතවීම නොවීම නිසා නොව පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් නව නිලධාරීන් බඳවා නොගැනීම නිසාය. මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ අනුව 2023 වසරේ නිලධාරීන් දෙදහසක් බඳවාගෙන ඇති අතර 2024 වර්ෂයේදී තවත් නිලධාරීන් 5000ක්‌ බඳවා ගැනීමට කටයුතු කරමින් පවතී. ශ්‍රී ලංකා පොලිසියේ සියලූම තනතුරු වලට අදාළව බඳවාගැනීම් සහ උසස් කිරීමේ පටිපාටිය ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති අතර විධායක සේවා ගණයේ තනතුරු සඳහා එම පටිපාටිය අනුව උසස්වීම් ලබාදීම සිදුකරනු ලබයි. නියාමන සේවා ගනයේ අනුමත බඳවා ගැනීම් හා උසස් කිරීම් පටිපාටියට අදාළව මෙතෙක් පැවැති නඩු කටයුතු හේතුවෙන් උසස් කිරීම් ලබාදීමට අදාල සම්මුඛ පරීක්ෂණ නොපැවැත්විණි. මේ වන විට එම නඩු කටයුතු අවසන් වී ඇති අතර අදාල බදවා ගැනීම් සහ උසස් කිරීමේ පටිපාටිවල කළ යුතු සංශෝධන සිදුකෙරෙමින් පවතී. ඒ අනුව එම සංශෝධන සිදු කිරීමෙන් පසු අදාළ උසස්වීම් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරනු ඇත.

මාධ්‍ය ඒකකය
මහජන ආරක්‍ෂක අමාත්‍යංශය

SendShareShare
Previous Post

Operation Successful..! Patient Dead..! Medical Equipment VAT..! මෙහෙයුම සාර්ථකයි..! ලෙඩා මළා..! වෛද්‍ය උපකරණවලටත් වැට්! රනිල් පාර්ලිමේන්තු ඇවිත් කරපු අයවැය කතාවට විවාදයේ අන්තිම කතාව කරමින් විපක්ෂනායක සජිත් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

Next Post

මාසයක් තිස්සේ තිබ්බ අයවැය ඊයේ ඉවර වුණා! බියගම පාසලක දරුවන්ට සුහුරු පන්ති කාමරයක් ලබා දෙමින් විපක්ෂනායක අදම ජනතා සේවය අරඹයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.