• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්ද ප්‍රතිඵලය! හැමෝම සිතිය යුතු කරුණු 5ක්! Sri Lanka Latest News

May 18, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ඡන්ද ප්‍රතිඵලය! හැමෝම සිතිය යුතු කරුණු 5ක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල ගැන අදහසක් ප්‍රකාශ කරන්න හිතුණා.Sri Lanka Latest News

පළමුවෙන්ම මේ ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵලවලින් පේන්නේ ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම කියන එක ඉතාමත් ගතික (වෙනස්වන සුලු) එකක් කියන බවයි. කොයි පක්ෂයටත් මුල් මැතිවරණයේදී ගත් ඡන්ද පදනමට වඩා වෙනස් වෙන ඡන්ද පදනමක් ඊළඟ මැතිවරණයේදී තිබෙන බව සත්‍යයක්. ඒත් මෙවර මාලිමාවේ ඡන්ද අඩුවීම (මාස හයක කාලයක් ඇතුළත) මම හිතන්නේ අපේ ඡන්ද ඉතිහාසයේ එක පක්ෂයක​ට කෙටිම කාලයකදී සිදුවූ විශාලතම ඡන්ද අඩුවීම ලෙසින් ඉතිහාසගත වේවි. මේකේ තියෙන අනෙක් වැදගත්ම කාරණය තමයි ජාතික ජන බලවේගයේ සමහර නායකයෝ (බිමල්, ටිල්වින් ව​ගේ අය) මේ කඩාවැටීම දැක්කේ නෑ වගේ ඉන්න එක. මම හිතන්නේ අනුර, ලාල් සහ විජිත මේ කඩා වැටීම ගැන සංවේදීයි කියල. ඒ තුන්දෙනා සාමාන්‍යයෙන් මේ තත්ත්වය තේරුම් ගන්න පුළුවන් තැනක ඉන්නේ. ඒත් අනෙක් අය මේ තත්ත්වය තමන්ගේ ජයග්‍රහණයක් වගේ හිතන එක මගින් පෙන්වන්නේ මාලිමාවේ සමහර නායකයෝ ඉන්නේ බරපතළ මිථ්‍යා මතයක බවයි. ඒක විපක්ෂයට තියෙන ‘ප්ල්ස් පොයින්ට්’ එකක් විදියට මට පේන්නේ.

දෙවැනි කාරණය වන්නේ මේ මැතිවරණ ප්‍රතිඵල මගින් විපක්ෂයේ ප්‍රධාන බලවේගය ලෙසින් සමගි ජන බලවේගයේ ඡන්ද පදනමට ලැබු​ණු එකතුවීම (ක්‍දබඑරසඉමඑසදබ ්බා ඩදඑැ ිය්රු) මදි කියල මම හිතන්නේ. ඒකෙන් කියන්නේ නැහැ සජබෙ ජයග්‍රහණය අඩුවෙන් සැලකිය යුතුයි කියල. ඒත් මීට වඩා වැඩි ‘ගේන් එකක්’ අපි ලැබිය යුතුව තිබුණා කියල මට හිතෙන්නේ. ඒ නිසා ඒ තත්ත්වය වඩාත් විමසිලිමත්ව අධ්‍යයනය කිරීම ඉතාමත් අවශ්‍යයි.

තුන්වැනුව, පොහොට්ටුවේ නැගීම බරපතළ විදියට තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍යයි. මම හිතන්නේ පොහොට්ටුව යම් දුරකට ඉස්සුනත් එය රාජ්‍ය බලය දක්වා උස්සන්න නම් බරපතළ වෙනස්කම් රාශියක් ඒ අයට කරන්න වෙනව. ඒත් ඒ පක්ෂය ඒ වගේ ‘රෙෆෝම් එකකට’ සූදානම් නැහැ කියල මට හිතෙන්නේ. ඒ නිසා ඒ පක්ෂයට රාජ්‍ය බලය ගන්න අමාරු වෙයි ආසන්න අනාගතයේ. ඡන්දයෙන් පස්සේ ඒ පක්ෂයේ සිදුකරපු සමහර පත් කිරීම්වලින් පේන්නේ පොහොට්ටුව මේ රටේ සිදුවී තිබෙන දේශපාලන වෙනස තවම තේරුම් අරන් නැහැ කියලා. ඒ තත්ත්වය සජබෙට වාසියක්.

හතරවැනුව එජාපය ගත්ත ඡන්ද ප්‍රමාණය මම බලාපොරොත්තු වූ එකක් නෙමෙයි. ඡන්ද ලක්ෂ 4.8 කියන්නේ ලොකු ඡන්දයක් ඒ පක්ෂය අද ඉන්න තත්ත්වයට සාපේක්ෂකව. ඒ තත්ත්වය හොඳින් තේරුම් කරගෙන අනාගත තීරණ ගන්න අවශ්‍යයි.

පස්වැනුව අපි හැමෝම මේ ඡන්දයෙන් තේරුම් ගන්න ඕනෙ කාරණය තමයි රටේ ඡන්දදායකය​න් මිලියන 17 අතරින් හරි අඩක් විතර (මිලියන 8ක් විතර) මේ වනවිට කිසිම පක්ෂයක ගැටගැහිලා නැහැ කියලා. ඒ අය කිසිම පක්ෂයක සාමාජිකයෝ නෙමෙයි කියන එක නෙමෙයි මම කියන්නේ. ඒක ඉතාම පැහැදිලි කාරණයක්. මම කියන්නෙ 2015 ඉඳලා මේ රටේ ඡන්දදායක ප්‍රවණතාවයේ බරපතළ වෙනසක් වෙමින් තියෙනවා කියන එක. ඒ කියන්නේ ‘නිර්පාක්ෂික ඡන්දදායක ප්‍රවණතාව’ බරපතළ ලෙසින් විශාල වෙනව කියන එක. එසේ විශාල වෙන නිර්පාක්ෂික ඡන්දදායක ප්‍රවණතාවට ‘අනුර දිසානායකගේ ආමන්ත්‍රණය’ තමයි තවමත් ප්‍රධාන පිළිගැනීම විදියට තියෙන්නේ. ඒ ආමන්ත්‍රණය ඉතාමත් දුර්වල එකක් බවට පත්වෙමින් තියෙන්නේ. ඒත් ඒක ‘රිප්ලේස් කරන්න (ඍැචක්ජසබට සඑ) පුළුවන් අලුත් ආමන්ත්‍රණයක් නිර්මාණය වෙනතුරු බහුතර ඡන්දදායකයන් ප්‍රමාණයක් ‘වේට් ඇන් සී (අ්සඑ ්බා ිැැ)’ ප්‍රතිපත්තියක ඉන්න බව තමයි මේ ඡන්දයේ ප්‍රකාශිත සහ අප්‍රකාශිත ඡන්දයෙන් පේන්නේ.

මේ අලුත් ආමන්ත්‍රණය (අනුරගේ ආමන්ත්‍රණය රිප්ලේස් කරන අලුත් ආමන්ත්‍රණය) නිර්මාණය කිරීම අපි හමුවේ තිබෙන ප්‍රධාන අභියෝගය බව මගේ අදහසයි. මේ සඳහා සූදාන​ම් වෙමු.

චරිත හේරත්

SendShareShare
Previous Post

76 වසරක ලුණු පැකට් එක සහ පුනරුදයේ ලුණු පැකට් එක! හොඳට ලුණුඇඹුලු ඇතිව කියන කතාවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ලංකාව අමෙරිකාවට අරන් යන්න තානාපති මහින්ද ලොකු වැඩක් කරයි! වොෂින්ටන් කාර්යාලය අමෙරිකානුවන්ට විවෘත කරයි! පැය 7ට අමෙරිකානුවන් 4200ක් ලංකාව බලන්න ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.