ගොතටුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගොස් නිවෙස් හිමියන්ට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සුරාබදු නිලධාරින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri Lanka Latest News
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සදහන් කලේ පසුගිය මස 11 වැනිදා රාත්‍රි 10 ට පමණ සුරාබදු නිලධාරින් බලහත්කාරයෙන් එම නිවසට ඇතුළු වී පරීක්ෂා කර ඇති බවට පැමිණිලි ලැබී ඇති බවයි.
තමන්ට සහ කුඩා ළමුන් දෙදෙනාට එම නිලධාරීන් පහර දුන් බවත් එම අවස්ථාවේ තම ඇඳුම් ඉරී ගිය බවත් නිවසේ සිටි කාන්තාව ගොතටුව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
සැකකරුවන් අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඇප මත මුදා හැර තිබෙනවා.










