කූඨ ලේඛණ හා ව්‍යාජ අත්සන් යොදා ඖෂධයක් මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙසට සහ මේවා වෙළෙඳ පොළට මුදා හැරීම නවතන ලෙසට ඉල්ලා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 5 ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.Sri Lanka Latest News
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදේශක වරයකු, ස්වේඡා සංවිධානයකින්, ජාතික ඖෂධ නියාමන කොමිසම් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී , ඖෂධ නියාමන අධිකාරියෙන් ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ තවත් පුද්ගලයකු මෙම පැමිළිණි ඉදිරිපත් කර ඇති බවද හෙතෙම පැවසීය.
මේ සම්බනධයෙන් යම් හැදෑමක් කර විමර්ශන ආරම්භ කර ඇති බවද හෙතෙම කීය.
නිලධාරීන් ප්‍රකාශ සටහන් කරමින් , ලිපි ලේඛණ පරික්ෂා කරමින් මුලික විමර්ශන ආරම්භ කර ඇති බවද හෙතෙම පැවසීය.










