කොවිඩ් ආසාදිත තවත් මරණ 45ක් ඊයේ (23) සිදුව ඇති බවට තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,814ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම මරණ 45න් 18ක් කාන්තාවන් වන අතර සෙසු 27දෙනා පිරිමි පුද්ගලයින් ය.
මේ අතර, තවත් කොවිඩ් ආසාදිත රෝගීන් 1,917 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 248,026කි.










