මෙරට ජනගහනයෙන් හතරෙන් එකක් දිළින්දන් බව ලෝක බැංකුව පවසයි.Sri Lanka Latest News
ලෝක බැංකුව, අප්‍රේල් දෙවන දා නිකුත් කර තිබෙන වාර්තාවක මේ බව සදහන් වේ.
එම වාර්තාවේ දැක්වෙන ආකාරයට, 2019 වසරේ දී මෙරට දිළිදු ජනගහනය 11 % ක් වූ අතර, 2024 දී එය 26% දක්වා ඉහළ ගොස් තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ රජය එක්ව ගෙන යමින් සිටින වැඩ පිළිවෙල ජනතාවට පීඩාකාරී එකක් බවට පත්ව තිබුනත්, ආර්ථික ස්ථාවරත්වය ළගා කර ගැනීම සදහා ඒ එකඟතා අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද ලෝක බැංකුව අවධාරණය කර තිබේ.
උද්ධමනය ඉහළ යාම, ආදායම් මාර්ග අහිමි වීම සහ ප්‍රේෂණ පහත වැටීම ආදී කරුණු මත මිලදී ගැනීමේ හැකියාව සීමා වීම දරිද්‍රතාවය ඉහළ යාමට බලපා ඇති බව ලෝක බැංකුව පවසයි.
දළ වශයෙන් මෙරට පවුල්වලින් 60% ක පමණ ආදායම් පහත වැටී ඇති බව ලෝක බැංකු වාර්තාවේ සදහන් වේ.
ක්ෂුද්‍ර හා මධ්‍යම පරිමානයේ ව්‍යවසායකත්වයන් වැසී යාම ශ්‍රම වෙළදපොලට විශාල බලපෑමක් සිදුකර ඇති බව පවසන ලෝක බැංකු වාර්තාව, 2019 දී 52.3% ක් ව පැවති නාගරික ශ්‍රම බලකාය, 2023 තුන්වන කාර්තුවේ දී 45.2% දක්වා පහත වැටී ඇති බව පවසයි.
ඉහළ යන ජීවන වියදම සමඟ සටන් කිරීමේ දී මෙරට පවුල් සංඛ්‍යාවෙන් 17.5% ක් ම අධ්‍යාපනය සහ සෞඛ්‍ය සදහා දැරූ වියදම් කප්පාදු කිරීමට පටන්ගෙන ඇති බවද ලෝක බැංකු වාර්තාවේ සදහන් වේ.









