රට මුහුණ දී සිටින උග්‍ර ආර්ථික අර්බූදය මුල්කරගෙන සෑම පැයකදීම ශ්‍රී ලාංකිකයන් 32ක් රටින් පිටවීම සදහා ගුවන් යානයකට ගොඩව ඇති බව මහ බැංකුවේ බාහිර අංශයේ දත්ත අනාවරණය කරයි.
මෙය නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් දකුණු ඉන්දියාවට හෝ ඕස්ට්‍රේලියාවට පලා යන සංඛ්‍යාවට අමතරව ය.
සිකුරාදා, ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් නීතිවිරෝධී ලෙස එරටට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් 46 දෙනෙකු ආපසු ගෙන්වා ගත් අතර, මේ වසරේ මැයි මාසයේ සිට එසේ ආපසු ගෙන්වා ගත් මුළු සංඛ්‍යාව 183ක් වේ.
ශාරීරික හිංසනය, සූරාකෑම, දිගු සේවා කාලය, මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, වැටුප් නොගෙවීම හෝ අඩු ගෙවීම්, සහ මරණය සහ ආබාධිතභාවය වැනි අවදානම් තිබියදීත්, විදේශ රැකියා සදහා කාන්තාවන් සහ පිරිමින් පිටත්ව යාම මේ වසරේදී සිව් ගුණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.