වවුනියාවේ වෛරවපුලියන්කුලම ප්‍රදේශයේදී බුද්ධි අංශ නිලධාරියකු කඩුවලින් කැපීමට සූදානම් වූ කල්ලියක සාමාජිකයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (12) කඩු දෙකක්ද සමග අත්අඩංගුවට ගෙන තිබේ. (Sri Lanka Latest News)
වෛරවපුලියන්කුලම යංග් ස්ටාර් ක්‍රීඩාංගණය අසලට යතුරු පැදිවලින් පැමිණි තරුණයන් පිරිසක් එම ස්ථානයේ සිටි තරුණයකු කඩුවලින් කැපීමට උත්සහ කළ අවස්ථාවේදී රාජකාරී කටයුත්තකට එම ස්ථානයට ගොස් සිටි බුද්ධි අංශ නිලධාරියා එය වැළක්වීමට උත්සහ කළ අවස්ථාවේදී ඔහුව කඩුවලින් කැපීමට තරුණයන් පිරිස උත්සහ කොට තිබේ.
තමන් බුද්ධි අංශ නිලධාරියකු බව ප්‍රකාශ කිරීමෙන් පසුව එම තරුණයන් බුද්ධි අංශ නිලධාරියාට පහර දී පලාගොස් තිබේ. මේ පිළිබඳ පොලිසියට පැමිණිලි ලැබීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් වවුනියාවේ පළාත් දෙකකදී කළ සෝදිසි මෙහෙයුමකින් පසුව කඩු දෙකක් සමග තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. එම තරුණයන් දෙදෙනා හා කඩු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් වවුනියාව පොලිසිය වෙත භාර දී ඇති අතර පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
lankasara










