මරණීය දණ්ඩනය නියම වී වසර 20කට වැඩි කාලයක් සිරගත වී සිටින පුද්ගලයින් 216 දෙනෙකුගේ එම මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා ක්‍රියාත්මක සිර දඬුවමක් බවට පත්කිරීමට තීරණය වී ඇති බව පැවසෙයි.
පොසොන් පොහොය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව මෙම කටයුතු සිදු කෙරෙන බව දැනගන්නට ඇත.
මේ අතර වසර ගණනාවක් තිස්සේ සිර දඬුවම් විඳින සිරකරුවන් 17 දෙනෙකුට ද පොසොන් පොහොය නිමිති කොට ජනාධිපති සමාව ලබා දීමට නියමිත බව වාර්තා වී ඇත.








