උතුරේ දෙමළ ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි කිසිදු කරුණක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යාපනයේදී කළ කතාවේ ඇතුළත් නොවන බවත් එසේ තිබියදී උතුරේ ජනතාව ඔහුට ඡන්දය ලබාදෙන්නේ කෙසේ දැයි ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක සිවඥානම් ශ්රීධරන් ප්රකාශ කළේය.Sri Lanka Latest News
තවද අනුර කුමාර දිසානායක උතුරේ දෙමළ ජනතාව අතරේ පමණක් නොව දකුණේ සිංහල ජනතාව අතරත් තවමත් තමන් දක්ෂ නායකයෙක් බව ඔප්පු කර පෙන්වීමට අසමත්ව ඇතැයිද හෙතෙම කීය.
මන්ත්රිවරයා මේ බව කීවේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා යාපනයේ සමුළුවකට සහභාගි වෙමින් කළ කතාව සම්බන්ධයෙන් මව්බිම කළ ප්රශ්න කිරීමකට ප්රතිචාර දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්රීධරන් මන්ත්රිවරයා මෙසේද කීය.
දෙමළ ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි කිසිදු කරුණක් අනුර කුමාර දිසානායක යාපනයේදී කළ කතාවේ අන්තර්ගතව තිබුණේ නැහැ.
විශේෂයෙන් ඔහු කතා කළේ මෙරට අනෙකුත් දේශපාලන නායකයන් දෙමළ ජනතාව කෙරෙහි දක්වන උනන්දුවටත් වඩා ඉතාම අවම උනන්දුවකින් හා නොවැදගත්කමකින්.
යුද්ධය ඉතා දරුණුව පැවතුණ කාලයේදී හමුදාව භටයන් 40,000ක් අලුතින් බඳවා ගනු ලැබුවේ, එකාබද්ධ කර තිබුණා උතුරු නැඟෙනහිර පළාත් වෙන් කිරීමට වැඩිම දායකත්වයක් ජනතා විමුක්ති පෙරමුණයි. යුද්ධයෙන් දහස් ගණනක් දෙමළ ජනතාව මිය ගියා.
අවම වශයෙන් අනුර කුමාර දිසානායක මහතා ඒ වෙනුවෙන් ශෝකය පළ කළේවත් නැහැ. තවද උතුරු නැඟෙනහිර පළාත්වල ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ මැදිහත්වීමෙන් සිදු වූ හා සිදු වන අනර්ථකාරී කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක අනුර කුමාර දිසානායකගේ පාර්ශ්වයෙන් කිසිදු ප්රතිචාරයක් මෙතෙක් දක්වා නැහැ.