• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පරණ පින්තූරයකින් හෙළිවුණු අවුරුදු 2000ක් පරණ බෞද්ධ පුරාවෘත්තය! Sri Lanka Latest News

January 10, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
පරණ පින්තූරයකින් හෙළිවුණු අවුරුදු 2000ක් පරණ බෞද්ධ පුරාවෘත්තය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කාශ්මීරයේ හිමෙන් වැසුණු මනරම් කඳුපන්ති අතර සැඟවුණු ‘ජිහාන්පුරා’ (Jihanpura) නම් නිහඬ ගම්මානය, මෑතක් වනතුරුම ලෝකය දැන සිටියේ එහි අතිශය සුන්දර ස්වභාවික දසුන් නිසාය. එහෙත්, මෙම නිම්නය යට වසර දෙදහසකට අධික කාලයක් පුරා නිහඬව වැළලී තිබූ, බුදුදහමේ මහා ඉතිහාසයක් සැඟවී තිබූ බව ලෝකය දැනගත්තේ ඉතා අහඹු සිදුවීමක් හරහාය.

එදා කාශ්මීර නිම්නය, හුදෙක් ගම්මාන කිහිපයක එකතුවක් නොව, රහතන් වහන්සේලා, බෞද්ධ පඬිවරුන් සහ දහම් ගවේෂකයන් දහස් ගණනින් ගැවසුණු, බුදුදහමේ ප්‍රභාවයෙන් බැබළුණු මහා ශිෂ්ටාචාරයක කේන්ද්‍රස්ථානයක් වූ බව අද පුරාවිද්‍යාත්මක සාක්ෂි තහවුරු කරයි.

මෙම මහා හෙළිදරව්ව ආරම්භ වූයේ සිනමාපටයක කතාවක් මෙන් අසාමාන්‍ය ආකාරයකිනි. ප්‍රංශයේ කෞතුකාගාරයක, වසර ගණනාවක් අමතකව තිබූ, තරමක් බොඳවී ගිය පැරණි ඡායාරූප කිහිපයක් පර්යේෂකයන්ගේ අවධානයට ලක්විය. එම ඡායාරූපවල දැක්වුණු යෝධ ස්තූප තුනක නටබුන්, ‘මේ කොහෙද?’ යන ප්‍රශ්නය සමගම විද්වතුන්ගේ කුතුහලය අවදි කළේය. එම කුතුහලය ඔවුන්ව අවසානයේ රැගෙන ගියේ කාශ්මීරයේ බාරමුල්ලා දිස්ත්‍රික්කයේ, පස්වලින් වැසීගිය ගොඩැලි සහිත පිට්ටනියක් වෙතය.
ඩ්‍රෝන තාක්ෂණය සහ නවීන ගවේෂණ ක්‍රම භාවිත කරමින් කළ පර්යේෂණවලදී පෙනීගියේ, සොබාදහමේ නිර්මාණ යැයි සිතා සිටි පස් කඳු යට, වසර දෙදහසකට අධික ඉතිහාසයක් නිහඬව වැතිර සිටින බවයි. කැණීම් ආරම්භ කිරීමත් සමගම මතු වූයේ, ක්‍රිස්තුවර්ෂ පළමු සහ දෙවැනි සියවස්වල ඉන්දීය අර්ධද්වීපය පුරා බුදුදහම රන්වන් යුගයකට නංවාගත් කුෂාණ අධිරාජ්‍ය සමයට අයත් මහා ස්තූප, භික්ෂු කුටි සහ ගොඩනැගිලි සංකීර්ණයක නටබුන්ය.

විශේෂයෙන්ම කණිෂ්ක රජුගේ අනුග්‍රහය යටතේ නිමවූ මෙම පූජා භූමිය, එදා ලෝක ප්‍රකට ‘ගන්ධාර’ ශිල්ප ක්‍රමයේ අපූර්වත්වය විදහා දැක්වූ කැටයම් සහ නිර්මාණවලින් පිරි මහා බෞද්ධ මධ්‍යස්ථානයක් වූ බවට සාක්ෂි හමුවේ. ජිහාන්පුරා පිහිටා තිබුණේ එදා ඉන්දියාව සහ මධ්‍යම ආසියාව එකට බැඳුණු ප්‍රධාන වෙළෙඳ හා වන්දනා ගමන් මාර්ගයකය. ලෝක ප්‍රකට සේද මාවතේ එක් ප්‍රධාන ශාඛාවකය. එය කාශ්මීරය, ආසියාව පුරා බුදුදහම සහ සංස්කෘතිය ව්‍යාප්ත වූ මහා මංසන්ධියක් වූ බවට ඉතා පැහැදිලි සාක්ෂියකි.
ඉතිහාස වාර්තාවල සඳහන් වන පරිදි, කාශ්මීරය යනු හතරවැනි බෞද්ධ ධර්ම සංගායනාව පැවැත්වූ පින්බිමකි. අශෝක මහාරාජාගේ යුගයෙන් පසු, මජ්ඣන්තික රහතන් වහන්සේගේ මෙහෙයවීමෙන් බුදුදහම මෙම නිම්නයට පැමිණි බවද පුරාණ සාහිත්‍ය සහ පුරාවිද්‍යාත්මක සාක්ෂි පෙන්වා දෙයි. කාලයත් සමග කාශ්මීරය, හුදෙක් ආගමික පූජා භූමියක් නොව, දර්ශනය, ශාස්ත්‍රය සහ කලාව එකට එකතු වූ මහා බුද්ධික මධ්‍යස්ථානයක් බවට පත්විය.

හියුං සාං (Xuanzang) වැනි චීන දේශගවේෂකයන් සිය ගමන් වාර්තා තුළ විස්තර කරන්නේ, කාශ්මීරයේ විශාල ආරාම සංකීර්ණ, ශාස්ත්‍රික භික්ෂුන් සහ විවිධ බෞද්ධ සම්ප්‍රදායන් එකට ගැවසුණු සජීවී දහම් සමාජයක් පිළිබඳවය. අද ජිහාන්පුරා භූමිය, ඔහු සඳහන් කළ ‘හිරණ්‍යවර්ණ’ හෝ ඒ හා සමාන මහා ආරාම සංකීර්ණයක් විය හැකි බවට විද්වතුන් තර්ක කරති. කැණීම්වලින් හමුවූ මැටි පුවරු, ගෘහ නිර්මාණ රටා සහ නටබුන් අනුව, මෙහි මහායාන සහ සර්වාස්තිවාද යන බෞද්ධ සම්ප්‍රදායන් දෙකම ඉතා දියුණුව පැවති බව පැහැදිලිය.

එහෙත් සියවස් ගණනාවක් පුරා දේශපාලන වෙනස්කම්, ආගමික පරිවර්තන සහ යුද්ධ හේතුවෙන්, මෙම බෞද්ධ උරුමය මහපොළොවට යටව ගියේය. ස්තූප පස් කඳු බවට පත්විය. විහාර ගොවිතැන් බිම් බවට හැරුණි. කාශ්මීරයේ සැබෑ අනන්‍යතාවය, මිනිසුන්ගේ මතකයෙන් මැකී ගියේය.

ඒ නිසාම, අද ජිහාන්පුරා භූමියෙන් මතුවන ගඩොල් කැබලි සහ පාෂාණ නටබුන්, හුදෙක් පුරාවිද්‍යාත්මක සොයාගැනීම් පමණක් නොවෙයි. ඒවා, දේශසීමා සහ කාලය අභිබවා ගිය බෞද්ධ දර්ශනයේ සහ කලාවේ විශ්වීය කතාව නිහඬව කියා දෙන සාක්ෂියකි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවා මෙය කාශ්මීරයේ අතීත ශ්‍රී විභූතිය තහවුරු කරන අභිමානවත් සොයාගැනීමක් ලෙස හැඳින්වීය.

ගවේෂණ කටයුතු තවමත් සිදුවෙමින් පවතින අතර, කාශ්මීරයේ වැළලී ගිය බෞද්ධ උරුමයේ තවත් බොහෝ රහස් ඉදිරියේදී ලෝකය ඉදිරියේ දිගහැරෙනු නොඅනුමානය. හිමෙන් වැසුණු කඳු අතර සියවස් දෙදහසක් පුරා නිහඬව සිටි මෙම කතාව, අද යළිත් අවදි වෙමින්, කාශ්මීරයේ සැබෑ අනන්‍යතාවය ලෝකයට හඬගා කියමින් පවතී.

එස්.එම්.

SendShareShare
Previous Post

‘ලසන්ත’ උන් උඹව අමතක කළාට අපිට අමතක නැත! Sri Lanka Latest News

Next Post

ලංකාවෙ 35%ක් හොර අරක්කු බොනවා ! මරණත් වැඩිවෙලා ! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.