20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති විශේෂ පෙත්සම් විභාග කිරීමට අගවිනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර ඇත.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු සිසිර ද ආබෲ, විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන සහ විනිසුරු විජිත් මලල්ගොඩ යන විනිසුරුවෝ ඊට ඇතුළත් වෙති.
ඒ අනුව සියලු පෙත්සම් මේ මස 29 දා ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 ශාලාවේ දී සලකා බැලීමට නියමිතය.










