පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දෙමළ මන්ත්‍රීවරුන් නව සංවිධානයක් පිහිටුවා ගැනීම සදහා සාකච්ජා ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.
මෙම සංවිධානය ‘දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව’ යනුවෙන් නම් කිරීමට යෝජනා වී ඇත.
දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය යන පක්ෂ අතර මේ සම්බන්ධයෙන් දැනටමත් සාකච්ජා ආරම්භ වී ඇති බවද වාර්තා වේ.










