ජුනි මස 20 වැනි දිනට මහමැතිවරණය පැවැත්වීම නිශ්චිත වශයෙන් තීන්දු වන්නේ මැයි මස 10 වැනි දින වනවිට රට තුළ පවතින තත්ත්වය මත බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ යම් හෙයකින් මැයි මස 10 වැනිදා වනවිට කොරෝනා වයිරසය හේතුවෙන් රටේ තත්ත්වය අයහපත් අතට පෙරළි තිබුණහොත් නැවත වතාවක් මැතිවරණය කල් දැමීමට සිදු වනු ඇති බවකි.
කෙසේවෙතත් මැයි 05 වන දින වනවිට අපේක්ෂකයන් සදහා මනාප අංක නිකුත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු සූදානම් කර ඇති බවද දැනගන්නට ඇත.










