ශ්‍රී ලංකා මහබැංකුව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන මහබැංකු වාර්තාවේ 2019 වර්ෂය සඳහා වන මහබැංකු වාර්තාව මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා විසින් 2019 වර්ෂය සඳහා වන මහබැංකු වාර්තාවේ සිංහල, දමිළ සහ ඉංග්‍රීසි පිටපත් අද (28) දින විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය නිලනිවසේ දී අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබීය.

එම අවස්ථාවට ශ්‍රී ලංකා මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ ශ්‍රී ලංකා මහබැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා ද සහභාගී වූහ.










