• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

20 ගැන ගම්මන්පිලත් ගෝඨාට ලියුමක් යවයි

October 20, 2020
in Exclusive
Reading Time: 5 mins read
A A
20 ගැන ගම්මන්පිලත් ගෝඨාට ලියුමක් යවයි
Share on WhatsAppShare on Facebook

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තම පක්ෂය පක්ෂ නමුත් එහි බරපතළ සංශෝධන කිහිපයක් සිදු කළ යුතු බව පෙන්වා දෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා‌ වෙත ලිපියක් යවා ඇත.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය ස්ථාවරය දක්වමින් එහි මහලේකම්වරයා ඊයේ (19) දින මෙම ලිපිය යොමු කර තිබේ.

සියලුම ජනමාධ්‍ය වෙත පිටපත් සහිතව එම පක්ෂ මහලේකම්වරයා විසින් යොමු කර ඇති එම ලිපිය මෙහි දැක්වෙයි.

2020 ඔක්තෝබර් 19 දින

අතිගරු ජනාධිපතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 1

අතිගරු ජනාධිපතිතුමනි

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පක්ෂ ස්ථාවරය

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ 2020 ඔක්තෝබර් 21 සහ 22 දිනයන්හි පාර්ලිමේන්තුවේ දී විවාද කර ඡන්දය විමසීමට නියමිතය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිට ජනතාව විසින් ලබා දෙන විධායක බලයෙන් සැලකිය යුතු කොටසක් අගමැතිට සහ කතානායකගේ සභාපතිත්වයෙන් යුත් ව්‍යවස්ථාදායක සභාවට ලබා දීමෙන් හිස් තුනක පක්ෂියෙකු බඳු රාජ්‍යයක් නිර්මාණය වී ඇත. පසුගිය ආණ්ඩුව අසාර්ථක වීමට බල පෑ ප්‍රධානතම කරුණ වූයේ එයයි. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කළ හැකි ජනවරමක් අප ඉල්ලා සිටියේ එබැවිනි. ඒ අනුව ප්‍රතිපත්තියක් ලෙස අප විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ නමුත් එහි බරපතල සංශෝධන කිහිපයකට ලක් කළ යුතු බව පක්ෂ ස්ථාවරයයි.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණය මේ වන විට ප්‍රසිද්ධ කිරීමට නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන පනත් කෙටුම්පතක් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විමසා බලන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන වගන්තියේ සඳහන් ජනමත විචාරණයකට තුඩු දෙන වගන්ති උල්ලංඝණය වෙනවා ද යන සීමිත කරුණ පමණි. එබැවින් 20 වන සංශෝධනයේ අඩංගු කරුණු වල දේශපාලන සහ සමාජ බලපෑම පිළිබඳ සංවාදය තව දුරටත් ඉදිරියට ගෙන යා යුතු බව අපගේ අදහසයි.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු කරුණු පිළිබඳ පක්ෂයේ ස්ථාවරය පක්ෂයේ නායක බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මැතිතුමා විසින් ඇමති මණ්ඩලයේ දී ද ඔබතුමා සමග පෞද්ගලිකව ද විසිවන සංශෝධනය පිළිබඳ අගමැතිතුමා පත් කළ කමිටුවේ සාමාජිකයෙකු ලෙස එහි දී ද දැන් වූ බව පක්ෂයට වාර්තා කර ඇත. නීතිපතිතුමා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරමින් කමිටු අවස්ථාවේ කරන බවට දක්වා ඇති සංශෝධන වලින් නොවිසඳුණු ජාතික ආරක්ෂාවට මෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් වලට ද බලපාන ප්‍රධාන කරුණු පිළිබඳ පක්ෂයේ මතය අපි මතු දක්වා සිටිමු.

1. හදිසි පනත් සම්මත කිරීම

ගැසට් මගින් පනත් කෙටුම්පත් ප්‍රසිද්ධ නොකර හදිසි පනත් සම්මත කිරීමට විධිවිධාන යෝජනා කිරීම මහජනතාවට එකී පනත් කෙටුම්පත් පිළිබඳ අදහස් දැක්වීමට අවස්ථාව අහිමි කිරීමක් පමණක් නොව එහි අඩංගු ව්‍යවස්ථා විරෝධි විධිවිධාන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට ද අවස්ථාව අහිමි කිරීමකි. ජේ ආර් ජයර්වධන ජනපතිතුමා 1987 දී දැවැන්ත ජනතා විරෝධයක් මැද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ ද චන්ද්‍රිකා ජනාධිපතිතුමිය විසින් 2000 දී පෙඩරල් ව්‍යවස්ථාව ගෙන ආවේ ද මෙම වගන්තියට මුවා වෙමිනි. ජාතියට තීරණාත්මක පනත් කෙටුම්පත් හදිසි පනත් ලෙස ගෙනැවිත් ජනතාවට ඒ පිළිබඳ අදහස් දැක්වීමට ඇති අවස්ථාව අහිමි කිරීමේ අප්‍රසන්න ඉතිහාසයක් ඇති බව මෙහි දී සිහිපත් කළ යුතුය.

2. රාජ්‍ය සමාගම් විගණනය කිරීමට විගණකාධිපති සතු බලතල අහෝසි කිරීම

ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් සමාගම විසින් අවස්ථා ගණනාවක දී එයාර් බස් මිළ දී ගැනීමේ දී ප්‍රකෝටි ගණනක වංචාවක් සිදු වී ඇති බව පාර්්ලිමේන්තු කෝප් කමිටුව ඉදිරියේ හෙලිදරව් වූයේ විගණකාධිපතිගේ විගණනය මගිනි. එබැවින් මහජන මුදල් 50%ට වඩා යොදවා ඇති ඕනෑම ආයතනයක් විගණනය කිරීමේ බලය විගණකාධිපති සතු විය යුතුය. එය කොමිෂන් සභා සම්බන්ධයෙන් ද අදාළය.

3. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ ජනාධිපති වීමට අවස්ථාව සැලසීම

ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 97%ක් සැකසී ඇත්තේ පසුගිය වසර 200 තුල එරටට සංක්‍රමණය වුණු ජනතාවගෙනි. නමුත් එරට පවා ද්විත්ව පුරවැසියන්ට දේශපාලන තනතුරු දැරීමට අවස්ථාවක් ලබා නොදෙයි. ලොව බොහෝ රටවල ද එම නීතිමය සීමාව දැකිය හැක. එකී නීතිය පසුගිය ආණ්ඩුව ගෙන ආවේ රාජපක්ෂ පවුල ඉලක්ක කරගෙන ද්වේශ සහගත චේතනාවෙන් වුවද එය සාධනීය පියවරක් ලෙස අපි දකිමු. යම් ජනාධිපතිවරයෙකුගේ හෝ ඇමතිවරයෙකුගේ පක්ෂපාතිත්වය රටවල් දෙකක් අතර බෙදී ඇත්නම් එකී රට සමග ගනුදෙනු කිරීමේ දී ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් අවංකව පෙනී සිටීදැයි යන සාධාරණ සැකයක් ජනතාවට ඇති වනු ඇත.

4. ඇමතිවරුන් ගණනට ඇති සීමාව ඉවත් කිරීම

නිදහසින් පසු ක්‍රමයෙන් ඇමතිවරුන් ගණන වැඩි වී අවසානයේ දී ඇමතිවරු ගණන 94 දක්වා ඉහළ නැගුණු බව ඔබතුමා ද දනියි. මේ පිළිබඳ සමාජයේ මතු වුණු දැවැන්ත විරෝධය හේතුවෙන් 19 වන සංශෝධනය මගින් ඇමති මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 30කට ද සහ ඇමති මණ්ඩල සාමාජිකයින් නොවන ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ගණන 40කට ද සීමා කරන ලදී. එකී සීමාව ඉවත් කිරීම මගින් මහජන මුදල් නාස්තියක් මෙන්ම තමන්ව ඇමති මණ්ඩලයට පත් කරන මෙන් ඇමති මණ්ඩලයේ නොසිටින මැති ඇමතිවරුන්ගෙන් ඔබතුමාට පීඩනයක් ඇති කිරීම ද සිදුවිය හැක.

ඔබතුමාට ඇමතිවරුන් 30ක් පත් කිරීමට අවස්ථාව තිබිය දී පළමු අවස්ථාවේ දී ඇමති මණ්ඩලය 16කට ද දෙවන අවස්ථාවේ 28කට ද සීමා කිරීමෙන් ජාතියට මහඟු ආදර්ශයක් ලබා දී ඇත. නමුත් මෙකී ව්‍යවස්ථාමය විධිවිධාන ඔබතුමාගේ කාලයෙන් අවසන් නොවේ. ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාව වසර 119ක් ද ඇමෙරිකානු එක්සත් ජනපද ව්‍යවස්ථාව වසර 231ක් ද තිස්සේ පවතින බව මෙහි ලා සිහිපත් කිරීමට කැමැත්තෙමු.

ඉහත කරුණු පිළිබඳ ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කර 69 ලක්ෂයේ ජන වරමට ගරු කරනු වස් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වඩාත් ජනතා හිතකාමි කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

මෙයට දේශප්‍රේමිත්වයෙන්

පිවිතුරු හෙළ උරුමය
උපුල් විජේසේකර
ප්‍රධාන ලේකම්

SendShareShare
Previous Post

ආණ්ඩුවට කොරෝනා නීති දෙකක්ද? (VIDEO)

Next Post

බන්දුලට කොරෝනා බියක්: වහාම PCR කරගනී

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.