වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී කොරෝනා පරීක්ෂාව සිදු කරගෙන ඇති බව දැනගන්නට ඇත.
ඇමතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකට පැමිණි පිටකොටුවේ තොග වෙළඳුන් කීපදෙනකුගේ එක් අයෙකුගේ සමීපතමයෙකු වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් මෙම පරීක්ෂාවට ඔහු ලක්වී තිබේ.
පරීක්‍ෂණය අනුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නැති බව ද දැනගන්නට තිබේ.










