මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව කැදවීම ආණ්ඩුව විසින්ම නිකුත් කළ කොරෝනා ගැසට් නිවේදනය උල්ලඝනය කිරීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.
මෙහිදී මීටරයක් දුරින් සිටීම නව රෙගුලාසිවලට අන්තර්ගත වුවත් පාර්ලිමේන්තු ආසන පනවා ඇති ආකාරය තුළ එම නීතිය ක්‍රියාත්මක නොවන බව ඒ මහතා පෙන්වා දෙයි.
එම නිසා ජනතාවට එක නීතියකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තව නීතියකුත් තිබිය නොහැකි බව පෙන්වා දෙන විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේද එම පරතරය පවත්වා ගත යුතු බව පෙන්වා දෙයි.
එතෙක් පාර්ලිමේන්තු රැස්වීම අත්හිටුවිය යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි.










