වීසි වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් ලබන සිකුරාදා (16) කැදවීමට ආණ්ඩුව සැලසුම් කර ඇත.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා පස්වරු 1.30ට මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බව දැනුම් දී තිබේ.
මෙහිදී 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට සැලසුම් කර තිබේ.
අදාළ සංශෝධනය ලබන අගහරුවාදා (20) ඉදිරිපත් කිරීමට නියමිතය.










