1815 උඩරට ගිවිසුම මගින් රට පාවා දීමෙන් පසුව ඒ හා සමාන ආකාරයට 2009 වසරේදීත් රට පාවා දීමට එවක පැවැති ආණ්ඩුව කටයුතු කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහලේකම් බැන්කි මූන් මහතා 2009 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ බවත්, එහිදී යුද සමයේ සිදුවූවේ යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් සොයාබැලීම සදහා මහින්ද රාජපක්ෂ මහතා බැන්කි මූන් මහතා සමග ඒකාබද්ධ ගිවිසුමකට අස්සන් තැබූ බවද කිරිඇල්ල මහතා කීය.
මේ හේතුවෙන් රට මානව හිමිකම් උගුලක හිරවූ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මහනුවරදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සදහන් කළේය.










