ගිනිකොනදිග පකිස්ථානයේ අද (06) දුම්රියක් පීලි පැනීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් 40කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අනතුරින් දුම්රිය මැදිරි 10ක් පීලි පැන ඇති බව සඳහන්.
කරච්චි සිට රාවල්පින්ඩි බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය නවාබ්ෂාහිදී මෙලෙස පීලි පැනීමට ලක් වී තිබෙනවා.
ඒ මොහොතේ දුම්රියේ මගීන් විශාල ප්‍රමාණයක් ගමන් කර ඇති අතර මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවට වාර්තා වෙනවා.
මේ වන විටත් ගලවා ගැනිමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.
newscenter










