• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙක්ටෙයාර් 25000ක වී-උක්-එළවළු-බඩඉරිගු විනාශයි! ගොවි පවුල් 30000ක් අනාථයි! උඩවලවේ ඒකක 7ක දැවැන්ත කෘෂිකාර්මික ‌ඛේදවාචකයක්! ආණ්ඩුව රටේ වාරි සංස්කෘතියත් විනාශම කළා! සජිත් තලවිල වාර්ෂික මංගල්ලයට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 6, 2023
in Exclusive
Reading Time: 11 mins read
A A
හෙක්ටෙයාර් 25000ක වී-උක්-එළවළු-බඩඉරිගු විනාශයි! ගොවි පවුල් 30000ක් අනාථයි! උඩවලවේ ඒකක 7ක දැවැන්ත කෘෂිකාර්මික ‌ඛේදවාචකයක්! ආණ්ඩුව රටේ වාරි සංස්කෘතියත් විනාශම කළා! සජිත් තලවිල වාර්ෂික මංගල්ලයට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ මොහොත වන විට උඩවලව කේන්ද්‍රීය වාරි පද්ධතිය භයානක තත්ත්වයකට මුහුණ දී ඇති බවත් මෙම ව්‍යාපාරය තුළින් නඩත්තු වන ඒකක 07ක දැවැන්ත කෘෂිකාර්මික ඛේදවාචකයක් නිර්මාණය වී ඇති බවත් එයට හේතුව වී ඇත්තේ වත්මන් රජයේ දුර්වල ජල කළමනාකරණ ප්‍රතිපත්තිය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අක්කර අඩි දෙලක්ෂ දාහත්දහසකින් යුත් උඩවලව ජලාශ්‍රයේ දැනට ඉතිරිව ඇත්තේ අක්කර අඩි 2000ක් පමණක් බවත් මීට සති කිහිපයකට පෙර සමනල වැවෙන් ජල අක්කර අඩි 1500ක් දෛනිකව ලබා දෙන ලෙස ඉල්ලීම් සිදු කළත් මේ පිළිබඳව විදුලි බල ඇමතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලයත් ජනාධිපතිවරයාත් උනන්දු නොවීම තුළ ගොවි පවුල් 30000ක හෙක්ටයාර් 25000ක වී උක් එළවළු සහ බඩඉරිගු වගාව විනාශයට පත්වීම ආරම්භ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජ දවසේ සිට මෙම වාරි ශිෂ්ඨාචාරය දැවැන්ත ආර්ථික පද්ධතියක් නිර්මාණය කළ බවත් මේ ජලාශ්‍ර හරහා පානීය ජලයට මෙන්ම වගාව සඳහා ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු බවත් එහෙත් අඛණ්ඩව විදුලිය ලබා දෙනවා යැයි පවසා විදුලි බිල සියයට 500කින් වැඩි කර වගාවට අයත් ජලය විදුලිය සැපයීමට යොමු කර ඇති බවත් යම් හෙයකින් විදුලි කප්පාදුවක් සිදුවන්නේ නම් එයට හේතුව වත්මන් රජයේ අකාර්යක්ෂමතාව සහ දුර්වල රාජ්‍ය පාලනය නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් රජය විසින් වාරි පද්ධතිය හරහා නිර්මාණය වූ වාරි සංස්කෘතිය සහමුළින්ම විනාශ කර ඇති බවත් වී උක් එළවළු සහ බඩඉරිගු වගාවන් ආදිය හරහා දේශීය ග්‍රාමීය ක්ෂුද්‍ර ආර්ථික චක්‍රයක් ක්‍රියාත්මක වන බවත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට අවබෝධයක් නොමැති නිසා වගා හානි වුවහොත් වන්දි ලබා දී පිටරටින් හාල් ගෙන ඒමට සූදානම් වී ඇති බවත් ජනතාව විසින් ආණ්ඩුවක් පිහිටුවා ඇත්තේ වැඩක් නොකර හේතු දැක්වීමට නොවන හෙයින් රටේ ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම ආණ්ඩුව සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (6) තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ අවසාන දින මෙහෙයට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

දක්ෂ, සැලසුම්සහගත සහ කාර්යක්ෂම ආණ්ඩුවක් ලෙස පම්පොරි ගැසුවත් මේ සිදුවීමෙන් එහි සත්‍ය අසත්‍යභාවය පෙනෙන බවත් රජයේ දෙබිඩි වැඩපිළිවෙළ හේතුවෙන් ගොවියාත් සාමාන්‍ය ජනතාවත් දැඩි ලෙස අසරණ වී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී කියා සිටියේ ය.

එසේ ම මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා විසින් තවදුරටත් කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බලය, වගකීම සම්බන්ධයෙන් රජය සවන් දෙන්නේ පාර්ලිමේන්තුවට පමණක් බවට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ප්‍රකාශ කර ඇති බවත් මින් ගම්‍යමාන වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අධිකරණයට තීන්දු දිය නොහැකි බවත් එසේ ප්‍රකාශයක් සිදු කිරිමට රජයට නොහැකි බවත් අධිකරණය සතුව අධික්ෂණ බලය සහ නෛතික බලය සම්බන්ධයෙන් සොයා බැලීමේ අයිතියක් ඇති බවත් පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුල අධිකරණය යනු ප්‍රජාතන්ත්‍රවාදී පුරුක් 3න් වැදගත් පුරුකක් බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ තුළ රජයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අධික්ෂණය කිරීමේ බලය සහ වගකීම අධිකරණයට ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ රජයට හිතවත් ව්‍යාපාරිකයන්ට සහන ලබා දී වැඩකරන ජනතාවගේ අර්ථසාධක අරමුදලට අත තැබීම අනුමත කළ නොහැකි බවත් වගකිව යුතු විපක්ෂයක් ලෙස ගොවි ජනතාවගේත් වැඩ කරන ජනතාවගේත් අයිතීන් සුරක්ෂා කිරීමට මැදිහත් වන බවත් පැවසීය.

SendShareShare
Previous Post

තෙල්, පොහොර මිල අහස උසට! අලින්ගෙන් බේරගන්නේ බොහොම අමාරුවෙන්! ඒත් වී ගන්නේ තුට්ටු දෙකට! අපි ඉල්ලන්නේ අපේ වීවලට සාධාරණ මිලක්! Sri Lanka Latest News

Next Post

පාකිස්තානයේ මහා දුම්රිය අනතුරක්! 15ක් මියයයි!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.