2022 වසරේ මුල් මාස හය තුළ රටේ පැවති දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා අමාත්‍ය මණ්ඩලය ගන්නා ලද තීරණ 15ක ප්‍රගතිය පිළිබඳ කළ විමසීමකදී එම තීරණ 15න් 14ක් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට රාජ්‍ය ආයතන අපොහොසත් වූ බව මෙරට ප්‍රධාන පෙළේ ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන වෙරිටේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිණි අබේසිංහ පවසයි.
සිය අධ්‍යයන කටයුතු සඳහා අදාළ අමාත්‍ය මණ්ඩල තීරණ ක්‍රියාත්මක වීම් ප්‍රගතිය පිළිබඳ තොරතුරු දැනගැනීමේ පනතට අනුව ඉල්ලුම් කළද එයින් පිළිතුරක් ලබාදීමට හැකියාව ලැබුණේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්වෙන් පමණක් බව ඇය ප්‍රකාශ කළේ සිරස නාලිකාවේ පැතිකඩ වැඩසටහනට එක්වෙමිනි.
මාධ්‍යවේදී අශෝක ඩයස් සමඟ කළ එම සාකච්ඡාවේදී සුභාෂිණි අබේසිංහ සඳහන් කළේ එම කාලයේ රටේ ජනතාව විඳි දැවැන්ත දුෂ්කරතා හමුවේ රටේ ඖෂධ හිඟය, ආහාර සහ කෘෂිකර්මය සහ බලශක්තිය සම්බන්ධයෙන් ගන්නා ලද අමාත්‍ය මණ්ඩල තීරණ 15ක් පිළිබඳ තමන් විමසීම් කළද එම තීරණ 14ක් ක්‍රියාත්මක වීම ගැන තොරතුරු ලබාදීම අදාළ ආයතන ප්‍රතික්ෂේප කළ බවයි.
ඒ සඳහා නිදසුන් දෙකක් ගෙනහැර පාමින් වෙරිටේ රිසර්ච් පරයේෂණ අධ්‍යක්ෂවරිය සඳහන් කළේ බන්ධනාගාර දෙපාර්තමෙන්තුව සහ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් කෘෂි ආහාර බෝග වගා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ගත් තීරණයක් පිළිබඳ විමසූ අවස්ථාවේ ඊට අදාළ තොරතුරු දීම ප්‍රතික්ෂේප කළ බවයි.
එසේම රටට අවශ්‍ය ඖෂධ උපකරණ ගෙන්වීමේදී විදේශ විනිමය වැයවීම පාලනය කිරීම සඳහා එක් නිෂ්පාදනයක් දේශීය නිෂ්පාදකයකුගෙන් සපයා ගැනීම පිළිබඳ ගන්නා ලද තීරණයක් පිළිබඳ විමසීමේදී මෙතෙක් එම ද්‍රව්‍ය මිලදී ගෙන නොමැති බව අනාවරණය වුණේ යයිද ඇය සඳහන් කළාය.
එම වැඩසටහන පහතින්.
lankasara









