මුලතිව් දිස්ත්‍රික්කයට අයත් වැලිඔය, සම්පත්නුවර ජාතික පාසලේ දරුවන් තිදෙනෙකු 15 ජාතික බේස්බෝල් සංචිතයට සුදුසුකම් ලබා තිබේ. (Sri Lanka Latest News)
චීනයේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා ඔවුහු බ්‍රහස්පතින්දා (අගෝස්තු 17 ) දිවයිනෙන් පිටත්ව ගියහ.
ඒ සඳහා මුදල් සොයා දීමට වැලිඔය ප්‍රදේශවාසීන් සල්පිලක් ද පවත්වා තිබූ අතර, කුඹුරු ඉඩම් සහ දේපළ උකස් කිරීමට සිදු වූ බව මව්පියෝ පැවසුහ.
පුහුණුවීමට ප්‍රමාණවත් පහසුකම් නොමැති වුව ද වැලිඔය, සම්පත්නුවර ජාතික පාසලේ දරුවෝ බේස්බෝල් තරගවලට ඉදිරිපත් වී සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණ රැසක් ලබා තිබේ.
bbc.com/sinhala










