• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කරාපිටියට එන පිළිකා රෝගීන්ගේ පහසුවට ගොඩනැගිල්ලක් හදන්න ගාලු බන්ධනාගාර අධිකාරී පිනට දුන් කෝටි 3ක් වටිනා පර්චස් 44ක ඉඩමේ ‘කාර් පාර්කින්’ එකක් දාලා! අධිකාරීතුමා ගියාම රුපියල් 50ක ටිකට් එකකුත් කඩලා! I Sri Lanka Latest News

August 18, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කරාපිටිය රෝහලේ වෛද්‍ය හිඟය උග්‍ර අතට ! සත්කාරක සේවා රැසකට බාධා ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවට දුර බැහැර සිට පැමිණෙන රෝගීන්ගේ ඥාතීන්ට නතර වීමටත් පිළිකා රෝගීන්ගේ අතරමැදි නිවහනක් ලෙස පවත්වාගෙන යාමටත් අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීම සඳහා තමන් විසින් පිළිකා සංගමයට පරිත්‍යාග කරන ලද පර්චස් 44ක ඉඩම මේ වනවිට කිසි ම ප්‍රයෝජනයක් නොගෙන අවභාවිත කරන නිසා එහි ගොඩනැගිලි ඉදිකිරීමට මැදිහත්වන ලෙස ගාල්ල බන්ධනාගාර අධිකාරි පුළිණ කරුණාරත්න මහතා ඉකුත්දා පැවති කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී දෙවන වතාවටත් ඉල්ලා සිටියේ ය.Sri Lanka Latest News

හිටපු රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍ය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි. මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ පුළිණ කරුණාරත්න මහතා මෙසේ ද කීය.

“මගේ අම්මාට පිළිකාවක් නිසා ප්‍රතිකාර ගැනීමට කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවට එක්ක ගියා. එහිදී මම දැක්කා දුර බැහැර පළාත්වල සිට එන රෝගීන්ගේ ඥාතීන්ට නතරවීමට තැනක් නැතිව ඉන්න ආකාර ය. ඒ වගේ ම සුව වූවත් භාර ගැනීමට කිසිවෙකු නොමැති පිළිකා රෝගීන් ද පිරිසක් සිටියා. මෙයට විසඳුමක් ලෙස ඒ අසල තිබූ පර්චස් හතළිස් හතරක ඉඩම මම මිලට අරගෙන රෝගීන්ගේ ඥාතීන්ට නතර වීමටත් පිළිකා රෝගීන්ගේ අතරමැදි නිවහනක් ලෙස පවත්වාගෙන යාමටත් අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ඉඩම පිළිකා සංගමයට පරිත්‍යාග කළා.

එසේ පරිත්‍යාග කළේ 2014 ජනවාරි මාසයේ දිනයක යි. ලක්ෂ හැත්තෑපහකට ඉඩ ම අරගෙනයි පරිත්‍යාග කළේ. අද එම ඉඩමේ වටිනාකම රුපියල් කෝටි තුනයි. ඉඩම පරිත්‍යාග කරලා ටික කලකින් ඉඩම බලන්න ගියා. ඒ වන විට ඉඩම රථ ගාලක් ලෙස පවත්වාගෙන යමින් තිබුණා. මම ගිහිල්ලා වාහනය නතර කළා ම මට ත් රුපියල් පනහක ටිකට් එකක් දුන්නා. මට හරි ම දුකක් ඇති වුණා. පිළිකා රෝහලේ ප්‍රයෝජනය සඳහා පිළිකා වාට්ටුවට පරිත්‍යාග කරපු ඉඩම අවභාවිත කිරීමට විරෝධය පළ කරමින් මම පිළිකා සංගමයට ලිව්වා.

මම ඉඩම පරිත්‍යාග කළේ රථ ගාලක් පවත්වාගෙන යමින් සල්ලි හම්බ කරන්න නොවෙයි. ඒ නිසා මෙම ඉඩමේ පිළිකා රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය ගොඩනැගිලි ඉදිකරන්න මැදිහත් වන ලෙස මම ඉල්ලා සිටිනවා.”

මෙහිදී වජිර අබේවර්ධන මේ සම්බන්ධයෙන් සියලු දෙනා ගෙන්වා සාකච්ඡා කොට අවශ්‍ය කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් ඉන්දික සමරකෝන්ට උපදෙස් දුන්නේ ය. පසුව ඒ මහතා මාධ්‍යවේදීන් ද කැඳවාගෙන ගොස් ඉඩම පෙන්වනු ලැබීය. මේ පිළිබඳව කරාපිටිය රෝහලේ පිළිකා සංගමයේ සභාපති තලංගල්ලේ විජිත හිමියන්ගෙන් විමසූවිට මෙසේ කියා සිටියහ.

“පිළිකා සංගමයේ මුදල් තියෙන්නේ රෝගීන්ට ආහාර පාන සහ බෙහෙත් ලබා දීමටයි. එහෙම නැතුව ගොඩනැගිලි හදන්න නොවෙයි. ගොඩනැගිලි හදන්න රුපියල් කෝටි ගණනක් වැය වෙනවා. හැදුවත් ඒවායේ ලයිට් බිල්, වතුර බිල්, සේවක පඩි නඩි ඇතුළු නඩත්තු කටයුතුවලට මාසෙකට රුපියල් ලක්ෂ දෙකක් විතර වැය වෙනවා. කෙසේ වෙතත් මෙහි ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු පිළිකා සංගමයේ අනුකමිටුවක් සැලසුම් කළා. නමුත් සම්පත් නැති නිසා එය නතර වුණා. මෙය සම්පත් දායකයන් විසින් ඉදිකරනවා නම් හොඳයි.”

SendShareShare
Previous Post

රනිල් ආණ්ඩුකාරවරු ගෙන්වයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

වැලිඔය අති දුෂ්කර ගමක දරුවන් 15 ක් චීනයේ බේස් බෝල් තරගාවලියකට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.