• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවො 120ක් ගස් ගල් යට ඉගෙන ගන්නවා! වටපිටාවේ ගම්වල ළමයි කොන් කරනවා! මානාවේ දරුවන්ට දහම් පාසලක් හදලා දෙන්න පින්වතෙක් නැද්ද? Sri Lanka Latest News

November 30, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
දරුවො 120ක් ගස් ගල් යට ඉගෙන ගන්නවා! වටපිටාවේ ගම්වල ළමයි කොන් කරනවා! මානාවේ දරුවන්ට දහම් පාසලක් හදලා දෙන්න පින්වතෙක් නැද්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
අධ්‍යාපනයෙහි යෙදෙන සෑම දරුවකුටම ගුණාත්මකව ඉහළ තලයකට යෑමට නම් පාසල් අධ්‍යාපනය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. එය තර්කයෙන් තොරව පිළිගත යුත්තක්. මෙහිලා ‘දහම් පාසල’ තුළින් ලබන දැනුම හා ආභාෂය දරුවන් තුළ ගුණාත්මක චාර්යාවන් ඇති කිරීමට ඉමහත් පිටිවහලක් සලසනවා. දරුවකුට මවුපියන්ගෙන් වගේම සමාජයෙන් ලැබෙන ගුණධර්ම ඔහුගේ මුළු ජීවිතයම ආලෝකවත් කරවනවා. ඒ වෙනුවෙන් යමක් කිරීමට අපට හැකි නම් එය කොයිතරම් මහඟු පිනක්ද කියලා මේ කතාව ඇහුවාම සෑම කෙනකුටම වැටහේවි. (Sri Lanka Latest News)

මේ රටේ දරුවන්ට ඉගෙනගන්න කොයි තරම් උනන්දුව තිබුණත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් තියෙන්නේ කීයෙන් කීදෙනෙක්ටද? එවැනි පහසුකම් නොමැතිව දරුවන් කොයි තරම් ප්‍රමාණයක් නම් අසරණ වෙලා ඉන්නවද? පාසල් සමයේදීම විවිධ රැකියාවන් කරන දරුවන් ප්‍රමාණය ලක්ෂ ගණනක්.

මානාව කියන ගම්මානයේ පිහිටි මෙහෙණි ආරාමයක දරුවන් 120ක් දහම් අධ්‍යාපනය ලබනවා. ඒත් ඔවුන්ට ඉගෙනීමේ කටයුතු නිසි පරිදි සිදුකරගන්න හරිහමන් තැනක් නැතුව අසරණ වෙලා. මේ දරුවන් ඉගෙනගන්නේ එළිමහනේ තේක්ක සහ ඇහැල ගස් යට ඉඳගෙනයි. ගමේ බොහෝ දරුවන්ට කුසට හරිහමන් ආහාර වේලක්වත් නැහැ. ගමේ මාර්ග පහසුකම් වගේම ගමනාගමනයත් අන්තිම පහළ අඩියකයි තිබෙන්නේ. බොහෝ ගම්වැසියන්ගේ ජීවනෝපාය හඳුන්කූරු නිෂ්පාදනය සහ කම්මල් වැඩ. ඒ නිසාම බොහෝ ආර්ථික දුෂ්කරතාවන් මේ ගම්වැසියන් අතර තියෙනවා.

මේ මානාව ගමේ තහඩු ශාලාවක අඩක් වැසෙන සේ සාදාගත් මෙහෙණි ආරාමයක් ඉදිකර තිබෙන බව දැනගත් පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමින්වහන්සේ දිනක් එහි වැඩම කරන්නේ මේ දරුවන්ට කොහොම හරි දහම් පාසලක් ලබාදීමේ උතුම් චේතනාවෙන්. මේ ආරාමය පිහිටා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය මානාව කියන ගම්මානයේ. ආරාමයේ ප්‍රධාන සිල්මෑණියන් පවසා සිටියේ ගමේ වැඩිහරියක් පිරිස යකඩ තැළීම සහ වේවැල් බඩු සැකසීම ජීවිකාව කරගත් අය බවයි. එම ගම්වැසියන්ගේ දරුවන් 120ක් පමණ ඉරිදා දින ආරාමයට පැමිණ දහම් අධ්‍යාපනය ලබන බවත් මෑණියන් වහන්සේ පවසා සිටියා. ඔවුන් එහි පැමිණෙන්නේ කිලෝමීටර් 8ක් පමණ දුර ගෙවාගෙන පාගමනින්මයි.

ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමින්වහන්සේ එහි වැඩම කළේ දහම් පාසල පැවැත්වෙන ඉරිදා දිනයකයි. උන්වහන්සේගේ අරමුණ වුණේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන සොයා බලා ඔවුන්ට යම් උපකාරයක් සිදුකිරීමයි. උන්වහන්සේ එහි වැඩමකර, දහම් පාසලේ කටයුතු ඇතුළත් සජීවී වීඩියෝවක් සිය සමාජ මාධ්‍ය ගිණුම තුළ පළකර සිටියා. එමගින් උන්වහන්සේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ මේ අහිංසක දරුවන්ට කිසියම් උපකාරයක් සිදුකිරීමට එකතු වන ලෙසයි.

එහිදී ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමින්වහන්සේ පවසා සිටියේ මෙවැන්නකි.
‘අද අපි ආවා කුලියාපිටිය කොට්ඨාසයේ මානාව කියන ගම්මානයේ පිහිටා තියෙන මෙහෙණි ආරාමයට. දරුවන් 120ක් ඉරිදාට මෙහි දහම් අධ්‍යාපනය ලබන්නේ මේ තියෙන ගස් යටයි. මගෙන් මේ මෙහෙණින් වහන්සේ ඉල්ලීමක් කළා මේ ආරාමයට ඇවිත් බලලා දායකත්වයක් ලබා දෙන්න කියලා. අපි වැඩවසන හන්තානේ සඳගිරි සෑයේ ස්වාමින් වහන්සේලා දරුවන් මුල්වෙලා කරන ඕනෑම හොඳ දේකට දායකත්වය සපයනවා. මේ මෙහෙණි ආරාමයේ බෝධිඝරය කිසිම දෙයක් නිර්මාණය වෙලා නැහැ. ආවාස ගෙට තියෙන්නේ ටකරන්වලින් සැකසූ මඩුවක්. ඒකටත් අඩක් තමයි ටකරන් යොදා තිබෙන්නේ. ඒ අඩුපාඩු සියල්ලම තිබෙද්දී දරුවන්ගෙන් මෑණියන්ගෙන් අහනකොට ඉල්ලුවේ අනේ අපිට ඉගෙන ගන්න ශාලාවක් හදලා දෙන්න කියලයි. මේ නිසා අපි හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ පුළුවන් විදියට උපකාරයක් කරන්න. හැකි අයුරින් සහයෝගය දක්වන්න කියලා ආරාධනා කරනවා. ලෝකේ වටේ ඉන්න කල්‍යාණ මිතුරු මිතුරියන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා. මේ මෙහෙණි ආරාමයේ අනාගත පරපුරක් වන අහිංසක දරුවන්ගේ ඇස් පාදන්නට උපකාරයක් කරන්න. මේ ස්ථානය අනාගත පරම්පරා දහස් ගණනක දරුවන්ව යහමගට ගන්න දරන ප්‍රයත්නයක්…’

දරුවන්ගෙන් ඔයාලා කොහේද ඉගෙන ගන්නේ කියා විමසා සිටිද්දී ඔවුන් දෑත් දිගුකර පෙන්වමින් කියා සිටියේ ‘අපි ඉගෙන ගන්නේ අර ගස් යටයි’ කියායි. ඇත්තෙන්ම මේ කතාව ඇහුවාම අපේ නෙතටත් කඳුළක් ඉනුවේ ඉබේටමයි. බොහෝ දහම් පාසල්වල ඩෙස්ක් පුටු මේස ඕනෙ තරම් තියෙනවා. ඒ දරුවන් සැප පහසුවට ඉගෙන ගනිද්දී මේ දරුවන්ට එහෙම පහසුකම් නැහැනේ. කොයි තරම් අසරණ වෙලාද මේ දරුවන් කියලා අපේ හදවතට දැනුණා. ඒ නිසාම තමයි මේ සටහන මේ අසරණ දරුවන් වෙනුවෙන් තබන්නට හිතුවේ. මොනයම් හෝ උපකාරයක් ආධාරයක් ලබාදීමට හැකිවෙතැයි යන චේතනාවෙන්. ශාලාවක් සාදා දුනහොත් ඔවුන්ට මානසික නිදහසක් ඇතුව ඉගෙනුම ලබන්නට පුළුවන්. ඒක මහඟු පුණ්‍යකර්මයක් වගේම දරුවන් විශාල පිරිසකගේ ඇස් පාදාදීමට කරන උපකාරයක්ද වනවා.
දරුවන්ට ඉගෙන ගැනීමට ඩෙස්ක් පුටුවත් ආරාමය තුළ දක්නට නොලැබුණි. දහම් පාසලේ වැඩිහරියක් දරුවන් බාලාංශ පන්තිවල ඉගෙනුම ලබන දරු පැටව් බවයි දැකගන්නට ලැබුණේ. දරුවන් ගස් යට ඉගෙන ගන්නා අවස්ථාවේ වර්ෂාවක් ආවොත් ඔවුන්ට යෑමට තිබෙන්නේ ගම කෙළවරේ පිහිටි මරණාධාර සමිතියේ ප්‍රජා ශාලාවයි.
මෙහෙණි ආරාමයේ ප්‍රධාන සිල් මෑණියන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙවැනි ඉල්ලීමකි.

‘මානාව කියන ගම ඉතා දුෂ්කර ගම්මානයක්. මේ ගමට ආවාම තමයි දැනගත්තේ ගමට දහම් පාසලක් නැහැ කියලා. ගමේ දරුවන්ව වෙන දහම් පාසල්වලට ගන්නේ නැහැ. හේතුව මේ ගමේ ඉන්න දරුවන්‌ගේ මවුපියන් වැඩි දෙනෙක් කරන්නේ යකඩ තැළීම සහ වේවැල් වැඩ. ඒක නිසා තමයි ගන්නේ නැත්තේ. මේ නිසා ගමේ හැමෝම එකතුවෙලා යෝජනාවක් ගෙනාවා දහම් පාසලක් ගොඩනගමු කියලා. ගොඩාක් තැන්වලින් පහර ගහන ගමක් මේ ගම. කොන් කරනවා. ඒක නිසා දායක සභාව රැස් කරලා අනිවාර්යයෙන් අපි දහම් පාසලක් පැවැත්විය යුතුයි කියන තැනට ආවා. මේ අවුරුද්දේ ජුනි මාසයේ 02 වැනිදා තමයි මුලින්ම පටන්ගත්තේ. දායක සභාවේ ලේකම් තිස්ස පුතා ගමේ හැම තැනම ගිහිල්ලා දරුවන්ට ආරාධනා කළා.

වැස්ස ආවාම දරුවන්ට ඉන්න තැනක් නැහැ. මම ගමේ නොයෙක් නොයෙක් තැන්වල ගියා. අපි ටිකට් පොත් ගැහුවා. ඒ ටිකට් පොත් අරන් අම්මලා යනවා ගෙවල් ගානේ. මමත් ගියා ටිකට් විකුණන්න. එහෙම කරලත් අපිට ලොකු මුදලක් සොයාගන්න බැරිවුණා. ආරාමේ තියෙන්නේ මානාවේ කිව්වාම සෑහෙන අය මාව අපහසුතාවට පත්කළා. එහෙම තත්ත්වයක් තුළ තමයි මේ දහම් පාසල පවත්වාගෙන යන්නේ. හොරොම්බාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා තමයි මේ සියල්ලම පවත්වාගෙන යන්නේ. මේ වෙනකල් අපේ ගුරුවරුන්ට අඩුම තරමේ සාරියක්වත් ලැබිලා නැහැ.

දරුවන් වැස්සේ තෙමි තෙමී ආරාමේ ඉගෙන ගන්නවා. හයියෙන් වහින වෙලාවට දුවනවා පහළ මරණාධාර සමිතියෙ ශාලාවට. ඒකෙ 30කට විතර ඉන්න පුළුවන්. ඒත් මේ ළමයි 120ම ඉන්නේ වහින වෙලාවට ඒ ශාලාවේ. ගුරුවරුත් වහින වෙලාවට එතැනින් මෙතැනට දුවනවා. එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. මම ඉල්ලා සිටින්නේ මොන ආකාරයෙන් හරි දහම් පාසල පවත්වාගෙන යන්න මේ ශාලාව හදලා දෙන්න කියලායි…’

මේ දරුවන්ට වැස්සට නොතෙමී නිදහසේ පාඩුවේ මානසික සුවයෙන් ඉගෙන ගන්න පුළුවන් වාතාවරණයක් ඇතිකරන්න පුළුවන් නම් ඒක මහඟු පිනක්. බොහෝ වත්කම් සහ සුඛෝපභෝගී දේ ඇති විහාරස්ථාන රට පුරාම තිබුණත් හරියට දාන ශාලාවක්, ධර්ම ශාලාවක්, ආවාස ගෙයක්, මුළුතැන් ගෙයක්වත් නැති පන්සල්, මෙහෙණි ආරාමත් ඕනෑ තරම් රට පුරාම තියෙනවා. ඒ විතරක් නෙවෙයි හරියට දානේ වේලක්වත් ලැබෙන්නේ නැති පන්සල් මෙහෙණි ආරාමත් සිය දහස් ගානක් රට පුරාම තියෙනවා. ඉතින් මේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන, ඔවුන්ගේ අඩුපාඩු ගැන සොයාබලා කටයුතු කරන ගඟසිරිපුර ධම්මාලෝක හිමියන්ට අනේකවාරයක් පින් සිදුවෙනවා.

අද බොහෝ දරුවන් වැඩිහිටියන්ට සලකන්නේ නැහැ. වැඩිහිටියන් කියන දෙයක් අහන්නේ නැහැ. ඒකට එක හේතුවක් තමයි දහම් අධ්‍යාපනය නොලැබීම. පුංචි කාලෙදි දහම් පාසලකට නොයෑම. බොහෝ මවුපියන් වැඩිහිටි නිවාසවලට වී දුක් ගිනි උහුලන්නේ දරුවන් ඔවුන්ව නොසලකා හැරීම නිසයි. එයට හේතුව නම් දරුවන්ට නිසි ගුණධර්ම ලබානොදීමයි. ඒ නිසාම යහපත් දරු පරපුරක් ගොඩනැගීමට අපිත් හැකි අයුරින් උරදෙමු. අපි මේ මහඟු පුණ්‍යකර්මයට දායක වෙමු. මානාව ගමට ගිහින් දැකබලාගෙනම මේ දරුවන්ට උදව් කරන්න කතා කරන්න. 0714962050 (හන්තානේ සඳගිරි සෑයේ ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමින් වහන්සේ)

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

අලුත් සෞඛ්‍ය ඇමැතිගෙන් දොස්තරවරුන්ට කොළ එළියක්! Sri Lanka Latest News

Next Post

දීඝ දන්තුවත් මැරුවා! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.