• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උඩට එනවා – යටට යනවා – හිනා වෙනවා – හූ කියනවා… Pad Man… I Sri Lanka Latest News

March 23, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

2018 අවුරුද්දේ ඉන්දියාවේ ජනප්‍රිය වූ උතුරු ඉන්දීය චිත්‍රපට අතර Pad Man චිත්‍රපටය අතිශයින්ම සුවිශේෂ වුණා. ඒ වාගෙම එය විචාරක පැසසුමටද ලක්වුණා. පෑඩ් මෑන් චිත්‍රපටය ඒ විදියට සුවිශේෂ වීමට හේතු වුණු කාරණා කිහිපයක්ම මුල්කරගෙනයි ප්‍රධානම කාරණය වුණේ සාමාන්‍යයක් වශයෙන් ගත්තම කවුරුත් කතා කිරීමට අකැමැති විෂයක් ගැන ‘පෑඩ් මෑන්’ චිත්‍රපටය තුළින් කතාකිරීමය. Sri Lanka Latest News


‘පෑඩ් මෑන්’ ගැන කෙටි හැඳින්වීමක් කරනවා නම් තමිල්නාඩුවේ කොයිම්බතූර්වල පදිංචිව සිටි 62 හැවිරිදි සමාජ ක්‍රියාකාරිකයකු සහ ව්‍යවසායකයකු වූ අරුණාචලම් මුරුගාගන්තම් තමිල්නාඩුවල සනීපාරක්ෂක තුවා ගන්නට වත්කමක් නැති කාන්තාවන් වෙනුවෙන් අඩු වියදම් සහිතව තනාගත හැකි පෑඩ් වර්ගයක් නිෂ්පාදනය කිරීමට තම කාලය වැයකරන්නට ගන්නේ ඉතා යහපත් හැඟීමෙන්ය. ඒ යහපත් හැඟීමට හේතු වන්නේ සනීපාරක්ෂක තුවා නොමැති හේතුවෙන් තමිල්නාඩුවල බාලිකාවන් දවස් කිහිපයක් පාසල් නොයන නිසාත්, සනීපාරක්ෂක තුවා නැති නිසාවෙන් ඒ සඳහා බොහෝ කාන්තාවන් අනුගමනය කරන පිළිවෙත්ද බොහෝ අපිරිසිදු නිසාත්ය. කෙසේ හෝ අරුණාචලම් සිය පර්යේෂණාත්මක කටයුත්ත අවසානයේ ජයගන්නේ අඩු වැයකින් සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කරන යන්ත්‍රයක් කදිමට නිර්මාණය කරමින්ය.


චිත්‍රපටයේ අරුණාචලම්ගේ චරිතයට පණ දුන්නේ අක්ෂේ කුමාර් නම් සුපිරි තාරකාවය. ‘පෑඩ් මෑන්’ (Pad Man) චිත්‍රපටය නිෂ්පාදනය කළේ අක්ෂේගේ බිරිය සේම ප්‍රවීණ කතුවරියක වූ ට්වින්කල් ඛන්නාය. චිත්‍රපටය නිර්මාණය වූයේද ට්වින්කල් ලියූ කෘතියකට අනුවය. ට්වින්කල් එකී කෘතිය ලිව්වේ තමිල්නාඩුවේ සිදුවූ සත්‍ය සිදුවීමක් පාදක කොට ගෙනය. ඇගේ කෘතිය සම්මානනීය වූ නිසාත්, ජනප්‍රිය වූ නිසාත් ‘පෑඩ් මෑන්’ චිත්‍රපටය නිර්මාණය විය. ඉන්දියාවේ නගරවල හන්දි ගානේ යෝධ ප්‍රමාණයට ගහපු ‘පෑඩ් මෑන්’ කටවුට්වල වූයේ අක්ෂේ කුමාර් පෑඩ් එකක් ඔසවාගෙන ජයග්‍රාහී ලීලාවෙන් ඉන්නා, එක පාරක් නොව දෙපාරක් තුන්පාරක් බලන්න හිතෙන ප්‍රියජනක රූපරාමුවකි. කෙසේ වුවද බොහෝ දෙනකු කතා කරන්නට ඉස්සරහට නොඑන සනීපාරක්ෂක තුවා ගැන ට්වින්කල්ගේ කෘතියට අනුව සහ නිෂ්පාදන මෙහෙවරට අනුව ආර්. බල්කි හදපු චිත්‍රපටය අතිසාර්ථක විය. එලෙසම 2018 හොඳම වාර්තා චිත්‍රපටයට හිමි ඇකඩමි සම්මානයද ‘පෑඩ් මෑන්’ චිත්‍රපටයට හිමිවීම විශේෂයක් විය.


‘පෑඩ් මෑන්’ චිත්‍රපටයට පාදක වූ ඇත්ත කතාව ගැන කියනවා නම් තමිල්නාඩුවේ කොයිම්බතූර්වල වසන සමාජ ක්‍රියාකාරිකයකු සහ ව්‍යවසායකයකු වන අරුණාචලම් මුරුගාගන්තම් අඩු මුදලට ගත හැකි අඩු වැයකින් නිෂ්පාදනය කළ හැකි සනීපාරක්ෂක තුවායක් හඳුන්වා දීම සහ නිර්මාණය කිරීම හේතුවෙන් 2014 අවුරුද්දේ ‘ටයිම්’ සඟරාවේ ලෝකයේ බලවත්ම පුද්ගලයන් සියදෙනා අතර එක් අයකු ලෙස සම්මානයට පාත්‍ර විය. ඉන්දියානු රජය අරුණාචලම්ට ‘පද්ම ශ්‍රී’ සම්මානයද තිළිණ කළේය. ඒ අතරතුර ඉන්දියාවේ ප්‍රාන්ත විසිනවයෙන් ප්‍රාන්ත 23ක් පුරාම ඔහු අතින් නිර්මාණය වූ සනීපාරක්ෂක තුවා යන්ත්‍රය ස්ථාපිත කර ඇත.


අපේ අසල්වැසි රට වූ ඉන්දියාවේ සනීපාරක්ෂක තුවා ගැන ප්‍රසිද්ධියේ කතා කරන්නට ගිය මිනිස්සුන්ට ලැබුණේ එහෙව් තැනක. එහෙව් ප්‍රසිද්ධියක් සහ කීර්තියකි.

හැබැයි, සනීපාරක්ෂක තුවා ගැන ප්‍රසිද්ධියේ කතා කරන්නට ගිය අපේ රටේ විපක්ෂ නායක වූ සජිත් ප්‍රේමදාසට නම් එහෙම කීර්තියක් හෝ ගෞරවයක් ලැබුණේ නැත. පසුගිය ජනාධිපතිවරණයේදී සනීපාරක්ෂක තුවා ගැන කාන්තාවන් වෙනුවෙන් කතා කරන්නට ගිය සජිත්ට වූයේ ‘පෑඩ් මෑන්’ යන කාඩ් එක ගසාගන්නටය. ‘පෑඩ් මෑන්’ යන නම කාඩ් එක නිර්මාණය කරපු මිනිසුන් සොයාගෙන තිබුණේද අරුණාචලම්ගේ සනීපාරක්ෂක තුවා ගැන කතාව අලළා තිරගත වූ අක්ෂේ කුමාර්ගේ ‘පෑඩ් මෑන්’ චිත්‍රපටය අනුසාරයෙනි. අක්ෂේගේ කටවුට් එකේ තිබෙන පින්තූරය ගෙන ඊට සමගාමීව සජිත් ප්‍රේමදාසගේ මුහුණ එයට බස්සවා ‘පෑඩ් මෑන්’ යන නාමය යටතේ සෝෂල් මීඩියාවල ඔහුගේ නාමය විහිළුවට ලක්විය.

මුහුණු පොතේද එය නිතර සංසරණය වූවා මතකය. ඒ කියන්නේ සනීපාරක්ෂක තුවා ගැටලුවට මැදිව සිටින ඉන්දියානු කාන්තාවන් ගැන කතා කරන්න අරුණාචලම් ට්වින්කල් ඛන්නා සහ අක්ෂේ එකතු වෙලා කරපු මෙහෙවරට ලකුණු 100ට 200ක්ම ලැබුණාට සජිත් ප්‍රේමදාස ඒ වෙනුවෙන් කතා කරපු එකට ලැබුණේ අපහාස සහ උපහාස පමණය. ඇයි එහෙම වුණේ? මොකක්ද ඒ වෙනස? සනීපාරක්ෂක තුවා ප්‍රශ්නයට එක සේ මැදිව සිටින ආසියානු කාන්තාවන්ගෙන් ගහන ඉන්දියාවේ එක විදියකටත් ලංකාවේ තව විදියකටත් එකම ප්‍රශ්නයකට එකිනෙකට හාත්පසින් වෙනස් ප්‍රතිචාරයක් එදා ලැබුණේ ඇයි?

ඇතැම් විට මේ ප්‍රශ්නය ගැන අනුර කුමාර දිසානායක කතා කළා නම් ප්‍රතිචාර මීට වැඩිය බොහෝ වෙනස් වන්නටද තිබිණි. ‘ගැහැනු අපි එක මිටට’ යන්න තේමාවක් කරගත්ත නිසා ස්ත්‍රීන් හට පමණක්ම ආවේණික වූ සනීපාරක්ෂක තුවා ප්‍රශ්නය ගැන අනුර, සජිත් වෙනුවට කතා කළා නම් සෝෂල් මීඩියාවල මාලිමාවට කදිම ගැම්මක් එක්ක මානුෂීය වූ චියර් එකක් ලැබෙන්නට තිබුණා වෙන්න බැරි නැත. එහෙම බලනකොට මේ සියල්ල විපරීතය. ඉන්දියාවේ හෝ ලංකාවේ විතරක් නෙමේය. Sri Lanka Latest News

ස්කොට්ලන්තයේ සහ නවසීලන්තය වැනි රටවලද සනීපාරක්ෂක තුවා ප්‍රශ්නය ඒ රටවල නායකයෝ ලොකුවට කතා කරති. ස්කොට්ලන්තයේ නම් අද වන විට සනීපාරක්ෂක තුවා නොමිලේ බෙදාහැරේ. ඒ වාගෙම නවසීලන්තයේ අගමැතිනියව සිටි ජසින්තා ආදන් සිය තනතුරින් ඉල්ලා අස්වීමට පළමුව එරට පාසල් දැරියන් හට පෑඩ් පැකට් එක සෑම මසකටම වතාවක් නොමිලේ ලබාදීමට ඉතා කැපවීමෙන් කටයුතු කොට තිබුණාය. ඉන්දියාවේද විශේෂයෙන් තමිල්නාඩුවලද සනීපාරක්ෂක තුවා ප්‍රශ්නය ලොකුවට කතාබහට ලක්වූයේ ඔසප් චක්‍රය සිදුවන දවස්වලට බාලිකාවන් පාසල් නොයන නිසාය. අරුණාචලම් ඇත්ත ජීවිතයේද ට්වින්කල් ඛන්නා එය අලළා කෘතියකින්ද එයට පසු අපූරු සංවේදීභාවයක් හරහා ප්‍රදර්ශනය වූ චිත්‍රපටයක් ඔස්සේද ඒ ගැන කතා කරන්නට සැලැස්වූයේද පාසල් යන දැරියන් උපයෝගී කරගෙනය.


එතකොට ශ්‍රී ලංකාව වැනි තුන්වැනි පන්තියේ රටක පාසලට යන යොවුන් බාලිකාවන්ට පෑඩ් ප්‍රශ්නයක් නැතුවද?

ඇයි නැත්තේ? ලංකාවෙත් බොහොමයක් වූ පාසල් දැරියන් ඔසප් වුණාම ඉස්කෝලේ යන්නේ නැති බවටයි තොරතුරු අනාවරණ වෙන්නේ. විශේෂයෙන් ගමේ පාසල්වල එය සිදුවෙනවා. ඒ නිසයි සනීපාරක්ෂක තුවා ගැන කතාව ආයෙමත් දැඩි කතාබහකට ලක්ව තිබෙන්නේ. පෑඩ් මෑන් කියලා කාඩ් එක වැදුණත් එය තඹ සතේකට ගණන් නොගත් සජිත් ප්‍රේමදාස ආයෙමත් පෑඩ් එක ගැන කතා කරන්න ප්‍රසිද්ධියේම ඉදිරියට ඇවිදින්. පාර්ලිමේන්තුවේ මෙන්ම ආණ්ඩු පක්ෂයේද කාන්තාවන් කිහිප දෙනකුම සිටියද කාන්තාවන්ට පමණක් ආවේණික වූ මේ ප්‍රශ්නය ගැන කතා කරන්නට ආවේ සජිත්ය. ඒකට නම් කමකුත් නැත. ඉන්දියාවේද දහසකුත් එකක් ගැහැනු සිටියද පෑඩ් ප්‍රශ්නය ගැන කතා කරන්නට ඉදිරිපත් වූයේ වයස අවුරුදු 62ක් වූ අරුණාචලම් මුරුගාගන්තම්ය. ඔහුට ඒ වෙනුවෙන් ජාතික සම්මාන සේම ලොව පුරා කීර්තියද ලැබිණි. පෑඩ් මෑන් කියා සජිත් ප්‍රේමදාසට කාඩ් ගැසූ මිනිසුන්ට එක අතකට එය හොඳ කනේ පහරකි.


මේ වතාවේ සනීපාරක්ෂක තුවා ප්‍රමාණය ගැන කතාකරන විට පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයක සහාය විපක්ෂ නායකවරයාට ලැබිණි. රාජ්‍ය අමාත්‍යවරියක වූ ගීතා කුමාරසිංහද ආණ්ඩු පක්ෂයේ අසුන් ගෙන සිටියද පෑඩ් ප්‍රශ්නය වෙනුවෙන් මැදිහත්ව නැගී සිටියාය. පෑඩ් පැකට්ටුවට ඇති විශාල බද්ද ඉවත් කර දමන්නැයි හඬ නැගූ විපක්ෂ නායකවරයාට සහාය පළකරන අතර ගීතා කුමාරසිංහද කියා සිටියේ නොමිලේ දීමට නොහැකි නම් බද්ද කපාදමන්නැයි කියාය.


පසුගිය ජනාධිපතිවරණයේදී පෑඩ් නොමිලේ ලබා දෙන්නට පොරොන්දු වූ සජිත්ට, රාජපක්ෂ ආණ්ඩුව පල් එක දමා හිනා වුණේය. පෑඩ් මෑන් කියා කාඩ් එක ගැසූහ. 69 ලක්ෂයක් ඡන්ද ගෙන දිනුවාට පසු ගෝඨාභයලා ඇවිදින් පෑඩ්වලට බදුද පැනවූහ. 2022 ඔක්තෝබර් මාසයේ දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂකතුවා සඳහා ආනයනික අමුද්‍රව්‍ය බදු සියල්ල ඉවත් කළද 2023 බදු පැනවීමේදී නැවත එයට 18%ක බද්දක් දැමුවේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසිනි.


ගම්වල දරුවන් ඔසප් වූ දිනයන්හිදී පාසලට නොයන්නේ පෑඩ් භාවිතයෙන් ඈත්ව සිටින සිටින නිසාය. ගැහැනු දරුවන් එක් අයකුට වඩා සිටින පවුල්වල තත්ත්වය ඒ අන්දමින් බලන විට අතිශයින්ම කනගාටුවට කරුණක් නොවේද? Sri Lanka Latest News

නමුත් මඳක් නැවතිල්ලේ සිතන විට මේ කාරණය ගැන කිසිවකුට ගණනකුත් නැත. කෑමොර දෙන්නේ විපක්ෂ නායකවරයා පමණය. ඒත් මෙය සමස්ත කාන්තා සංහතියේම ප්‍රශ්නයකි. සංකීර්ණ ප්‍රශ්නයකි. කවුරු මොනවා කිව්වත් ගීතා කුමාරසිංහගේ ආසනය උණු වුණෙත් සජිත්ට සහාය නොදී හිඳීම තම ගැහැනුකමටද හොඳ මදි යැයි සිතුණු නිසාම වන්නට ඇත. කොහොම වුණත් ජතික ප්‍රශ්නයක් තරමට සංකීර්ණ තත්ත්වයකට පැමිණ ඇති පෑඩ් ප්‍රශ්නයට සාධාරණයක් ඉටුවිය යුතුමය. එහෙම කියන්නේ පෑඩ් ප්‍රශ්නය සමස්ත කාන්තාවන්ගේ ප්‍රශ්නයක් මිසක විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් හඬ නැගුවාට ඔහුගේම ප්‍රශ්නයක් පමණක් නොවන නිසාය.


කොහොම වුණත් සජිත්ගේ මේ උත්සාහය මේ වෙද්දී සඵලවී තියෙන බවක් දැකගනන්ට ලැබුණේ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී කරලා තිබුණු ප්‍රකාශයක් නිසා. එතුමා කිව්වේ 6 වසරෙන් උඩ සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ගන්න මාසිකව වවුචරයක් ලබාදෙනවා කියලයි. ඔන්න සජිත් කරපු තවත් සටනක් ජය අරගෙන. ඒකට රටේම ඉන්නා කාන්තාවෝ සතුටු වෙන්න ඕනේ.

දමයන්ති ‌රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ලංකාවේ වැඩිහිටියන්ගෙන් 12%කගේ කටේ එක දතක්වත් නැහැලු! Sri Lanka Latest News

Next Post

මෛත්‍රීපාට එරෙහිව CIDයට පැමිණිල්ලක්! වහාම අත්අඩංගුවට ගන්න! සජබෙ කාවින්ද මුල්ම පැමිණිල්ල දමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.