පසුගිය සතියක කාලය තුළ මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 11,056 ක් වන අතර එය ආසාදිතයන්ගේ ඉහළ යාමක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.
පසුගිය 17 වනදායින් පසු මෙම ඉහළයෑම පෙන්නුම් කෙරෙන අතර එදින ආසාදිතයින් 1,452ක්, 18 වනදා ආසාදිතයින් 1,420ක්, 19 වනදා ආසාදිතයින් 1,487ක් වාර්තා වී තිබේ.
කෙසේවෙතත් ගතවූ දින 4 තුළ 1,500 ඉක්මවූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් මෙරටින් වාර්තා විය.
20 වනදා ආසාදිතයින් 1,554ක්, 21 වනදා ආසාදිතයින් 1,604ක්, 22 වනදා ආසාදිතයින් 1,724 ක් මෙන්ම 23 වනදා ආසාදිතයින් 1,815ක් ලෙස වාර්තා වී තිබේ.
රට වසා තැබුණු කාලයෙන් අනතුරුව මෙලෙස සීඝ්‍ර ලෙස කොවිඩ් ආසාදිතයින් ඉහළයෑම බරපතළ ගැටලුවක් බව සෞඛ්‍ය අංශ පවසති.