පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට තීරු බදු සහිත වාහන බලපත්‍ර යළිත් ලබාදීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
පසුගියදා පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මේ බව අනාවරණය කොට ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව ඉදිරියේදී මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහන බලපත් හිමිවීමට නියමිත බව දැනගන්නට ඇත.










