ලංකාවට ඇණවුම් කර ගෙනෙන ලද ඉන්ධන නෞකාවේ බහා තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 19,000න් 11,000ක් ම ප්‍රමිතියෙන් තොර බවට රසායනාගාර පරීක්‍ෂාවේදී සනාථ වී ඇත.Sri Lanka Latest News
එම ප්‍රමිතියෙන් තොර ඩීසල් ගොඩබෑම අත්හිටුවීමට කටයුතු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ දර්ශන රත්නායක පැවසීය.
ඉන් ඩීසල් මෙටි්‍රක් ටොන් 8400ක් ප්‍රමිතියෙන් යුතු බවට දෙවතාවක් සිදුකළ රසායනාගාර පරීක්‍ෂාවකින් තහවුරු වීමත් සමග එම ඩීසල් තොගය පමණක් කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්තය වෙත ගොඩබෑ බව ද සඳහන් කළේ ය.
කොළඹ වරායට ඉකුත් 5 වන දා එම්.ටී. ෆොස් පවර් නමැති මෙම නෞකාව සේන්දු වූ අතර එහි පෙට්‍රල් සහ ඩීසල් තොග බහා තිබිණි.
ප්‍රමිතිය පරීක්‍ෂාවෙන් පසු මීට පෙර එහි තිබූ ඔක්ටේන් 92 පෙට්‍රල් ගොඩබෑමට අවසර දුන් අතර ඩීසල් තොගයේ පරීක්‍ෂණ කටයුතු අවසන් නොවූ හෙයින් එම ඩීසල් තොග ගොඩනොබෑමට තීරණය කරනු ලැබීය. පසුව මෙලෙස ඩීසල් තොගයේ රසායනාගාර පරීක්‍ෂාව සිදුකොට අවසන් කර ඇත.










