මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉංජිනේරුවන් 100ක් විදෙස්ගත වී ඇති බව විදුලිබල මණ්ඩල ආරංචිමාර්ග පවසයි. (Sri Lanka Latest News)
එමෙන්ම එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ තවත් 100 දෙනෙක් විදෙස්ගත වීම සඳහා අවසර ඉල්ලා ඇති බවයි.
මේ වනවිට විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉංජිනේරුවන් ඇතුළු සේවකයන් 2500ක් සේවයෙන් ඉවත් වී ඇති අතර ඔවුන් ඊට හේතු ලෙස දක්වා ඇත්තේ මෙරට ආර්ථික අර්බුදය සහ අධික බදු අයකර ගැනීමයි.
මෙලෙස විදෙස්ගත වන ඉංජිනේරුවන්ට එම රටවලින් ඇමරිකානු ඩොලර් පන්දහසක පමණ වැටුපක් හිමිව ඇති අතර එය ලංකා මුදලින් රුපියල් ලක්ෂ දහසයක් පමණ වේ.
madyawediya










