එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ඊයේ (18) පැවැත්වුණු “ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව – 2023” සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.Sri Lanka Latest News
2030 වන විට තිරසර සංවර්ධන ඉලක්ක කරා ළගාවීමේ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ගත යුතු නව පියවරයන් පිළිබඳ විමසා බැලීම මෙහිදී සිදු කෙරිණි.
විදේශ කටයුතු අමාත්‍ය නීතීඥ අලි සබ්‍රි, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පිරීස් යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර “ශ්‍රී ලංකාවේ ආර්ථික අවස්ථා” යන මැයෙන් ජාත්‍යන්තර අවබෝධය සඳහා වූ ව්‍යාපාරික කවුන්සිලය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ව්‍යාපාරික වටමේස සාකච්ඡාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) සහභාගී විය.
මෙම වට මේස සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජන සහ වෙළඳ කටයුතු පිළිබඳ අවස්ථා ගවේෂණය කරමින් සිටින ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යාපාර 40කට අධික ප්‍රමාණයක ප්‍රධානීන් මෙන්ම ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ ව්‍යාපාරික දූත පිරිසක් සහ ඇමරිකා එක්සත් ජනපද රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටිය හ.













