ප්‍රබල ඇමැති ධුර දහයක පමණ වෙනස්කම් සිදු කරමින් ඉදිරි දින කිහිපය ඇතුළත අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව දැනගන්නට ඇත.
එහිදී ඇමැතිවරුන් තිදෙනෙකු කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීම කෙරෙහිද ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
එමෙන්ම රාජ්‍ය ධූරවලද කිසියම් වෙනසක් සිදු කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
මෙයට අමතරව කාර්ය සාධනය දුර්වල රජයේ ප්‍රධාන පෙළේ ආයතන අටක මුල් පුටුද ඉදිරියේදී වෙනස් කෙරෙන බව වාර්තා වේ.
අලුත් ගමනක් ආරම්භ කිරීමේ මූලික පියවරක් ලෙස මෙම සංශෝධන සිදු කරන බව දැනගන්නට තිබේ.










