මෙවර පොසොන් උත්සව සැමරීම සඳහා ඒ ඒ පළාත් සභා අරමුදල්වලින් තෝරාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් දසලක්ෂය බැගින් ලබාදී ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යෘංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
මෙම මුදල් ඇතැම් විට පළාත් ලේකම්වරයාගේ අස්සනින් නිකුත් කර තිබෙන අතර, ඇතැම් අවස්ථාවලදී ප්‍රාදේශීය ලේකම්වරයා හරහා ලබාදී ඇති බවද හෙතෙම කීය.
ඒ අනුව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පොසොන් කලාප පවත්වා ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, ආප්ප දන්සල් සමග සාර්ථක පොසොන් කලාප පවත්වා තිබූ බවද එම නිලධාරියා පැවැසීය.
ජාතික පොසොන් උත්සවය සඳහාද රජය රුපියල් ලක්ෂ තිහක මුදලක් ලබාදී තිබුණත් එම මුදල ප්‍රතික්ෂේප කළ මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි, එම මුදල ප්‍රමාණවත් නොවූ නිසා මහජන ආධාර මත එම උත්සවය සැමරූ බවද එම නිලධාරියා කීය.
-දිවයින
dansal government pohottuwa










